1 කොටස හා සැබැඳියි...
ඒත් දැන් ඒ පුද්ගලයා මේ අනතුර ගැන දන්නවා. හරියට අතේ තිබුණ මහා වනයක් තුවාලයක් හොඳ වුණා වගේ. මෙච්චර කාලයක් වස වල අතදාගෙන හිටියේ තුවාලයක් තියෙන බවවත් නොැදනයි. ඒත් දැන් දන්නවා ඒ තිබුණ තුවාලය වනය සුවවූ බව. දැන් ඒ පුද්ගලයා වස වල අතදාන්නේ බියක් නැතිවයි.
හේතුව ඒ පුද්ගලයා දැන් අබැද්ධිය දන්නවා. පෙනෙන, ඇහෙන, විඳින, දැනෙන මොහොතක් මොහොතක් පාසා ක්‍රියාත්මක වන මායා මුලාව මහා බොරුව වංචාව දන්නවා.
ඒ පංචස්කන්ධයේ ක්‍රියාත්මක වන බොරුව වංචාව මායාව නොදන්නා තාක් සකස් වූ ආශ්වාදය ගැන දැනගන්නවා. ආශ්වාදය තතු සේ දැනගන්නවා...
ඒ ආශ්වාදය සකස් වන මොහොතේ ඒ හා බැඳී ක්‍රියාත්මක වූ පංචස්කන්ධයේ ඇත්ත නොදැනීම නිසාවෙන් සිද්ධ වෙන සිද්ධිය හෙවත් අවිද්‍යා, සංකාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන ආදී නවය ගැන දැනගන්නවා. ඒ ආකාරයෙන් ආදීනවය තතු සේ දැනගන්නවා...
ආශ්වාදය සකස් වූ හැටි දැනගත්විට... මහා වංචාව හඳුනාගත් විට... ඒ හා බැඳුනු ආදීනවය දැනගත් විට... මේ සිද්ධිය ක්‍රියාත්මක වූ ඇස - රූප, කණ - ශබ්ද, නාසය - ගන්ධ, දිව - රස, කය - ස්පර්ශ, මේ සියලු දේ ඔස්සේ සකස් වෙන මන - ධර්ම ගැන හෙවත් ලෝකය ගැන මහා කලකිරීමක්මයි ඇතිවෙන්නේ. ඒ කලකිරීමම නිස්සරණයට හේතු වෙනවා... අනිශ්‍රිත වෙන්නට හේතු වෙනවා... ආශ්‍රයන්ගෙන් තොර වෙන්නට පටන් ගන්නවා...
මේ ඇහෙන, පෙනෙන, දැනෙන, විඳින ක්ෂණයක් පාසා යමෙකුට සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් යන විකෘති ඥාණ පහල වෙන තාක් ලෝකය හටගන්නවා. එහෙත් මේ අවබෝධයට පත්වූ ඥානය පහල වූ ලෝකය විනිවිද දකින්නට දහම් ඇස පහල වූ පුද්ගලයාට මේ විකෘතිඥානයන්ගෙන් හෙවත් විඤ්ඤාණයන්ගෙන් මායාව පෙන්වන මොහොතක් පාසා ඒ මායාව පසාරු කරගෙන... විදගෙන... විනිවිද දකිමින් ඒ මායාව මායාව සේ හඳුනාගන්නවා...
මෙන්න මේ ක්‍රියාවලියට භාවනාව කියනවා... ඒ විනිවිද දැකීමට විදසුන් ඥානය කියනවා... විදසුන් වැඩීම කියනවා... ඒ විනිවිද දැකීම උදෙසා ඒ මොහොතේ ඇතිවන සමථ ස්වභාවයට සමථ භාවනාව කියනවා...
දහම් ඇස පහල වීම නිසාම... ඥානය පහල වූ නිසාම... දැක්ම හරිගිය නිසාම... අරමුණක් හමුවේ ඒ ක්ෂණයෙහිදී ඒ දැක්ම ක්‍රියාත්මක වන මොහොතක් පාසා ඒ හා එකට බැඳී නිවැරදි දැක්මෙන් යුතු සිහිය, විරිය, නුවණ ක්‍රියාත්මක වෙනවා... ඒ තුල අරමුණ විනිවිද දකින නිසාම පංච නීවරණ හෙවත් කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, උද්ධච්චයක් කුක්කච්චයක්, විචිකිච්ඡා, ථීනමිද්ධ කියන්නාවූ කෙලෙසීම සිද්ධ වෙන්න හේතු නැතිව යනවා...
ඒ කෙලෙස් දවා හැරීම ධ්‍යානයක් ලෙසින් අත්දැකගන්නටත් හැකිවෙනවා... කෙනෙක් ඒ ධ්‍යාන සුවයේ රස බලන්නට නතර වෙන්නටත් පුළුවන්... ඒත් විදර්ශනාව ප්‍රබලව නැගෙන පුද්ගලයා ඒ දැහැන් තල හෙවත් පැවැත්ම තුලම වූ බ්‍රහ්ම තල නම්වූ පැවැත්මද විනිවිද දකිනවා... එයත් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ මායාවෙන්ම මිස ඉන් තොරව සකස් වූ දෙයක් නොවන බව දකිනවා... එහිද ආශ්වාදය, ආදීනව, නිස්සරණය දකිනවා... ඒ දැහැනත් ඒ අවස්ථාවේ ඒ පුද්ගලයාට ආර්ය කමටහනක් බවට පත්වී තිබෙන නිසාම දැහැන් තල හෙවත් බ්‍රහ්ම තලයන්හි පැවැත්මත් නිවන පිණිසම වූ කමටහනක් බවට පත්වෙනවා.
ඒ ආකාරයෙන් තුන් ලෝකයේම පැවැත්ම මොහොතක් මොහොතක් පාසා ක්ෂය කරන්නට නිරෝධ කරන්නට විජ්ජාව දුටු මොහොතේ පටන් හැකිවෙනවා. සියලු දෑ කර්මස්ථානයක්ම බවට පත්වෙනවා.
ඒ නිරෝධය පූර්ණ වන්නට ගත වන කාලයට ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපදිනවා යැයි පවසනවා.
ඒ තුල අතහැරී මිදී නොඇලී යන මොහොතක් පාසා සීලයක පිහිටනවා... ඒ සීලය පිහිටන මොහොතක් පාසා සමාධියට පත්වෙනවා... ඒ සමාධිය නැවතත් විදසුන් නුවණින් ප්‍රඥාව පිණිසම හේතු වෙනවා...
දුටු නිවනකට... අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමක් මිස... දැනුමෙන් වචන හරඹයෙන් තර්ක වාදයෙන් නොයෙක් නොයෙක් වත් පිළිවෙත් තුලින් නුදුටු නිවනක් මතු දැකගැනීමක් නොවේ.
මේ දහම් ඇස පහල වූ පුද්ගලයාට ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් නම් මොහොතක් මොහොතක් පාසා සිහිය පවත්වන්නේ නම් ඒ පුද්ගලයාට අප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් කියනවා.
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් මේ අවබෝධයෙන් යුතු නමුත් විශේෂ සිහියක් පැවැත්වීමක්, විරියක් යෙදීමක් සිදුනොකර ඒ ලැබූ අවබෝධයේ සුවයෙන් කාලය ගත වෙන්නට ඉඩ හරින්නේ නම් ඒ පුද්ගලයාට ප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. බුදු හිමියන් පවසන්නේ කොතරම් ප්‍රමාද වුවත් නිවනටමයි නැමී සිටින්නේ... නිවනින්මයි කෙලවර වන්නේ ඒ නිසා ඒ අය ගැන නැවත හිතන්නට දෙයක් නැති බවයි.
ඔවුන් ලත් අවබෝධය නැති කරන්නට දහම් ඇස අන්ධ කරන්නට තරම් ඔවුන්ගේ කෙලෙස් ප්‍රබල නැහැ.
No comments:
Post a Comment