බුද්ධ පූජාව හුදෙක් ම චාරිත්‍රයක් පමණක් වූ යුගයක...
පිළිම වහන්සේලා දන් වළදන්නේ දැයි ප්‍රශ්න කරන පිරිසක් වෙසෙන යුගයක... බුදු රඳුන්
උදෙසා තැබූ බුද්ධ පූජාව තමන් ද ආහාරයට ගෙන සතුන්ට ද ආහාර පිණිස දෙන යුගයක... බුද්ධ
පූජාව අරබයා අප කටයුතු කල ආකාරය ත්‍රිපිටක සත්ධර්මය ද ඇසුරෙන් පෙන්වා දෙන දහම් විග්‍රහයකි. තම මතයන් ජය ගන්නට තර්ක වාද කරන්නට ඔබට හැකිය. එහෙත්
අවසානයේ අස්වැන්න නෙලා ගන්නට වන්නේ ද වැපිරූ ආකාරයටමය. අධර්මයක් ප්‍රකට වේ නම් ධර්මය
තුලින් ඒවා පෙන්වා දී නුවණැතියන්ට යහපත පිණිස කටයුතු සලසා දීම තථාගත සම්මා සම්බුද්ධ
රත්නයේ ඔවදනයි. අන්න ඒ සම්මා සම්බුදු පියාණන්
වහන්සේලා සිහිපත් කරගෙන සිදු කරන සියලු පූජාමය කටයුතු නැණවත් ව අර්ථවත් ව සිදු කර
ගැනීමට... උත්තරීතර සම්මා සම්බුද්ධ රත්නය අවබෝධයෙන් යුතුව ප්‍රඥාවන්ත ව පිදීම පිණිස...
ප්‍රතිපත්ති පූජාවන් සිදු කර ගැනීම පිණිස... “නිර්වාණ ධර්ම” මඟ පෙන්වීමකි. තම තමන්ගේ නිවන් මඟ කළ එළි කර ගැනීම පිණිස ම හේතු
උපකාර වෙත්වා!!!
“නිර්වාණ ධර්ම” වෙබ් අඩවියට පිවිස රූපමය දහම් එකතුව නරඹන්න...
නැණවත් ව බුද්ධ පූජාවන් සිදු කරන මඟ දැන ගන්න!
No comments:
Post a Comment