About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...
"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"
Thursday, June 6, 2024
The losing treasure
खो रहे हैं अनमोल सम्पत्ति
इसलिए, यह मत भूलिए कि यदि कोई आपसे कहता है कि निर्वाण के मार्ग में देरी नहीं करना चाहिए चलदी करें, उसके भात दिल में लेना चाहिए क्योंकि जो आपसे वो भात करते हैं वे इस संसार यात्रा को पहले ही पूरी कर ली है...
जो मोक्ष के तरह जाने वाले लोगों के पास मोक्ष के सिवा किसी के लिए कोई लगाव नहीं है... इच्छा नहीं है ... ज़िद्दी और घमंड प्राणियों तो दूर की भाव हो गई ना?
लेखिन अगर आप ईमानदारी से आप के मोक्ष मार्ग पूरा करना चाहता थो कल्याण मित्रा हर संभव मार्गदर्शन देने के लिए तैयार हैं!
लेकिन क्या हम तैयार हैं?
क्या हम उस महान सम्पत्ति को पहचानने में भी सक्षम हैं जो हमारे खोए हुए सभी कष्टों को दूर कर सकती है?
ගිලිහෙන නිධානය
හිතුවක්කාර කියන දේ නාහන... යමක් කිවූ විට තරහා ගන්න තැනැත්තාට බුදු හිමියන් පවා දහම් දේශනා කරන්න ගියේ නෑ... ශ්‍රාවකයන් වහන්සේලාටත් එසේ නො කල යුතුයි කියලා තමයි අවවාද කලේ!
ඉතින්, අමතක කරන්න එපා නිවන් මඟ අප්‍රමාදී වීමට අවකංවම යමෙක් ඔබට කියන්නේ නම් ඒ අය කියන්නේ මේ සසර ගමන දැනටමත් බොහෝ සේ අවසන් කර ගෙනයි... ඒ අයට හිතුවක්කාරයන් උදෙසා වෙහෙස වෙන්නට තරම් වත් ඇලීමක්... වුවමනාවක් ඇත්තේ නෑ...
නමුත් අවංකවම කැප වෙන්නන් උදෙසා තමන්ට හැකි සෑම මඟ පෙන්වීමක් ම කර දෙන්නට කල්‍යාණ මිත්‍රයා සූදානම්! නමුත් අප සූදානම් ද?
අහිමි වෙමින් පවතින අපගේ සියලු දුක් නැති කර දමන්නට හැකි මහත් වූ සම්පත්තිය හඳුනා ගන්නටවත් අප දක්ෂ ද?
Friday, December 1, 2023
Now Showing – “The Absurdity”!
When we carry out our daily activities, regardless of
age, we have to face various kinds of problems. On such occasion how do you deal
with such issues? Whether it is Buddhism or Christianity or Catholicism or
Hinduism or Islam or whatever kind of religion or belief you follow, how do you
behave in such situations? So, let's explore within and make this month’s
editorial a beneficial one to your life!
Before we start the main topic, I felt like sharing a
wonderful teaching from our most Venerable Bhante Wellawatte Seelagawesi Thero.
We normally address him by the name "Master Po". Do you remember "Master
Po" the blind teacher in the famous Kungfu series who guided “Kwai
Chang Caine” by calling him “Grasshopper”? Like him, our Bhante, also
make sure to guide us by giving tiny but profound teachings most of the
time! That's the reason we call him "Master Po”!
So, that was one rainy day and the water fall going
through the monastery was a bit harsh. So, our Bhante started telling this to
us by looking at it. "Imagine a mother and a kid walking by this
water fall... and then the kid fell in to the water... and mother absurdly
begin shouting and running by saying "my kid has fallen... my kid is
dying... etc." She could only do that because she lost her sense of what
should do on such an occasion. Then what happen? Kid may die...
Mother could be gone through mentally unstable for life... or worst-case
scenario, she also could have jump in to the water by forgetting that she is
not capable of swimming. And both of them die! What a disaster!
Why? Just because mother didn't practice “equanimity – the Uppekha” in
her life. If equanimity is there or if we could behave patiently in any
of these occasions, all the possible solutions come so quickly to our
mind. Instead of behaving absurdly, this mother could have shout for
help. And some one will come to save them and both could be saved!
So, always remember to develop equanimity. Then only, you will be
able to succeed in your life no matter what it is you will be able to get a
clear and best decision!
So, with this beautiful advice of "Our Master Po"
I would like to begin the topic which I actually wanted to address.
Mental instabilities like stress... depression… restlessness… have become so
common these days. No matter what age group, most of them have becomes
victim of many types of issues. So, in such moments how do you face
them? How do you behave? Angrily... restlessly... sadly...
worriedly... how absurdly?
And most of the time result is very harmful to both
parties. Very damaging, isn’t it? And what are the excuses we give
to justify our behaviors? "I have these problems... I have these
issues... I am going through such a phase that's why I'm like this... or else
I'm not like this… I am a mess, becoz of this... that's why I can't even go to
a temple or church... I have no peace to listen to a dhamma teaching with all
these issues..." We could give thousands and thousands of excuses so
proudly to justify our absurd behaviors!
Aren't you feel ashamed? Because my friends, this
isn't showing your smartness... this shows how unskillful you are!
Who fails to stay calm and happy and pleasantly when
everything is so perfect? When we are super healthy and fit... when
others treating us so pleasantly... when job do well for us... when our
studies go well... when we have enough money... when we have food, cloths,
place to stay and medicine like everything we need... When everything is so
supportive to us... basically, when everything goes so well for us, it's
obvious that anyone could maintain the mental stability! Do you think that's
a skill?
It's easy to drive a vehicle in a lonely road where there is
not a single vehicle cross by or any beings are not available. Do you
think you can call you a skillful driver? How capable you are to drive your
vehicle with patience, when the road is busy and filled with vehicles,
pedestrians... and some animals…? Basically, when there nothing is
peaceful in the road? If the crowd makes you so restless and angry,
shouting, delaying to the destination and sometimes accidents... breaking the
rules... fined... and getting angry again on fines... etc... etc... How
on earth, one could identify them as a such a good and skillful driver by
driving like this?
This is the same way you do with your vehicle call
"your body" right? So many accidents... so many absurdity...
But still believes that, "I am one of the best drivers!"
So, then my dear friends it's time to take proper
actions. No matter what you believe as your religion or belief, you
should start behaving like a human being no matter what the situation is.
Because, this is not something religious, this should be a simple basic
behaviour of a human life!
The absurdity is the way of animals, coz they don't have any
controls over their emotions. But, us human have this capability of using
our mind to think and understand a situation and act wisely! Human can develop
patience. Human can develop the equanimity. as a human you are
capable of doing so much more than behaving absurdly when things aren't working
according to the way you desire! Think about this too my friends! Because
when you behave sensible as a human being, you will see many solutions to the
issues which you assume that there is no solution. You will see many
possibilities of reacting to them than reacting absurdly. You will be
able to make many decisions wisely not absurdly! you won't harm yourself
or the other parties!
Be skillful... it's not a wise decision to show how
unskillful we are and then proudly saying "my moods are depending on the
circumstances”! No matter what the circumstance is we should have a clear &
pleasant mind. So, use it what you already have when you have it! And
that's my friend call a human life!
So, have a blessed time by being a human and get ridding of absurdity! Identify the possibility of what a human can really do than behaving like an impatient animal! Good luck friends! Have a blessed time!
අදක්ෂකම ප්‍රදර්ශනය!
එදිනෙදා
ජීවිතයේ කටයුතු කර ගෙන යන විට වයස් භේදයක් නැතිවම එක, එක ආකාරයේ ප්‍රශ්න
ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ වගේ වෙලාවට ඔබ කටයුතු කරන්නේ කොහොමද? බුදු දහම වේවා... ක්‍රිස්තියානි
කතෝලික දහම් වේවා... හින්දු දහම් වේවා... ඉස්ලාම් දහම් වේවා කුමන ආකාරයේ දහමක්
අනුව ජීවිතය ගත කලත් මේ වගේ අවස්ථා වල දී ඔබගේ හැසිරීම කෙසේද? අපගේ තමන් ගැනම සිදු
කරන මේ පර්යේෂණය සාර්ථක කර ගැනීමට උපකාර විය හැකි යැයි මම විශ්වාස කරන තවත්
කාරණයක් මෙවර කතු වැකිය තුලින් විමසමු!
කාරණාව
පටන් ගන්න කලින් අපේ ජීවිත වලට මහත් වූ ආශීර්වාදයක් වූ පූජනීය වන්දනීය වැල්ලවත්තේ සීලගවේසී හිමිපාණන්
වහන්සේගේ අපට
කියලා දුන්න කතාවක් එකතු කරන්නම්. “කුංෆු” කතා මාලාවේ “කේන්” ට “තණකොළ පෙත්තා” කියමින් කතා කරන...
ඉතාමත් කෙටියෙන් හරි අපූරු අවවාද අනුශාසනා දෙන “මාස්ටර් පෝ” මතකයි ද? අපේ මේ වන්දනීය
සීලගවේසී හාමුදුරුවොත් අන්න ඒ වගේ තමයි ඉතින්. ඒ නිසා උන්වහන්සේට අපි නම් කියන්නේ
“මාස්ටර් පෝ” කියලා.
කියලා
දුන්න කතාවට යමු කෝ එහෙනම්... එදා ගොඩක් වැස්ස දවසක් නිසා ආරණ්‍යය හරහා ගලන ඇල්ල
ගොඩක් සැරට තිබුණා... උන්වහන්සේ ඒක පෙන්නමින් තමයි මේ කතාව කිව්වේ. “ටිකක් හිතන්න පුතේ, අම්මා කෙනෙකු යි
දරුවෙකුයි මේ ඇල්ල ලඟින් යනවා. මේ ඇල්ලට ඒ අම්මාගේ
දරුවා වැටෙනවා. ඒ වෙලාවට අම්මා අසිහියට පත් වෙලා කෑ
ගහනවා... “මගේ ලමයා වතුරට වැටුණෝ... මෙන්න ලමයා මැරෙනවෝ” කියලා... උමතුවෙන් එහාට
මෙහා ට දුවනවා මිසක් කරන්න ඕන වැඩේ ගැන මෙලෝ සිහියක් එන්නේ නෑ! ඉතින්, මොකෝ වෙන්නේ... එක්කෝ
ලමයා මැරෙයි... අම්මට පිස්සු හැදෙයි... නැත්නම් අම්මත්, තමන් පීනන්නත් දන්නේ නෑ
කියලා මතක නැතිව මේ ඇල්ලට ම පැනලා මැරෙයි... විනාශයක් නේද වුණේ? දැන් ටිකක් හිතන්න පුතේ, මේ අම්මා උපේක්ෂාව ප්‍රගුණ
කරලා තිබුණා නම්... ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්නට හැකියාවක් හදා ගෙන තිබුණා නම් මේ
තමන්ගේ දරුවා වතුරට වැටුණ වෙලාවේ තමන්ට ගන්නට හැකි විසඳුම් ඉතාමත් වේගයෙන් හිතට
ගලා ගෙන එනවා. කෑ ගහන්නේ අර පිස්සුවෙන් විකාර වෙලා
නෙවේ... තමන්ගේ ලමයා ව බේර ගන්න හැකි කෙනෙක් ව කතා කර ගන්න තමයි කෑ ගහන්නේ. මහා
විනාශයක් වැළකෙනවා නේද? ඒ නිසා පුතේ, උපේක්ෂා සහගත බව
යෙදුනොත් තමයි ඕනෑම කාරණයක සාර්ථකත්වය ලබන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි යමක් කෙරෙහි
කරන්නට හැකි සුදුසු ම දේ ගැන තීරණයක් ගන්න පහසු වෙන්නේ!”
ඉතින්, අපේ “මාස්ටර් පෝ” ගේ මේ
ලස්සන කෙටි අවවාදයත් එක්ක මෙවර කතු වැකිය තුලින් මට කියන්න ඕන වුන කාරණයට මුල
පුරන්නම් කෝ. මේ
කාලයේ ලොකු කුඩා සැමට ම ඉතින් මානසික ආතතිය විවිධ මට්ටම් වලින් තියෙනවානේ නේද? වයස් භේදයක් නැතිවම
ඉතින් ප්‍රශ්න... ප්‍රශ්න... ඉතින්, මේ වගේ ප්‍රශ්නයක් කියන වෙලාවට ඔබගේ
හැසිරීම කොහොම ද?
තරහා
ගිහින්... ඉතාමත් අසහනකාරී ලෙසින්... දුකට පත් වෙලා... කම්පා වෙලා... ජරමර ගොඩයි
නේ ඉතින් නේද? අනෙක්
පාර්ශව වලට විවිධ මට්ටම් වලින් හානි කරන්න කටයුතු කරනවා. පුංචි දරුවාගේ පටන් ගෙන
වැඩිහිටි පාර්ශව දක්වා ම තමන්ගේ “ප්‍රශ්නයට මුල” කියලා හඳුනා ගත්තා වූ ජීවි
වේවා... අජීවි වේවා සියල්ල කෙරෙහි ඉතාමත් ද්වේශ සහගත ව හැසිරෙන වෙලාවල් තමයි වැඩි. ඒ මදිවට මේ “වෙඩි කෑව
සතෙක් වගේ හැසිරෙන” මේ වැඩපිළිවෙල සාධාරණීකරණය කරන්නට ඉදිරිපත් කරන්න නිදහසට කාරණා
මොනවද? “මට
ප්‍රශ්න නේ... මේ දවස් වල මගේ ජීවිතේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි
මම මේ විදියට හැසිරෙන්නේ... නැත්නම් මම මෙහෙම නෑ... බණක් දහමක් අහන්නවත්...
පන්සලකට පල්ලියකට යන්නවත් පුළුවන් ඒවා නෙවේ මට මේ සිද්ධ වෙන්නේ!” කියලා හරි
උජාරුවෙන් කියමින් තමයි ඒ වැඩපිළිවෙල සාධාරණීකරණය කරන්නේ.
දැන්
ඉතින්, පොඩ්ඩක්
නැණවත්ව තමන් දිහා බලන්න. මේ උජාරුවට කියන්න හැකි තත්වයක් ද ඇත්තටම? ලැජ්ජා වෙන්න එපැයි
මෙහෙම කියන්න. ඇයි ඒ? ඇත්තටම මේ ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ
අදක්ෂ කමක් නෙවේ ද? සියලු තත්ව යහපත් වන විට යහපත් ආකාරයෙන්
හැසිරෙන්න ඕනම කෙනෙකුට පුළුවන් නේ නේද? ඕකට අමුතු දක්ෂ කමක්...
අමුතු ආගමක දහමක අවබෝධයක් ඕන ද?
කයේ
ලෙඩක් දුකක් වේදනාවක් කියලා දෙයක් දැනෙන්නේ නැති වෙලාවට... වටේ ඉන්න හැමෝම ප්‍රශංසනීය
ලෙසින් කතා බහ කරන වෙලාවට... කෑම බීම, ඉදුම් හිටුම්, වස්ත්‍රාභරණ ආදී සියලු
අවශ්‍යතාවයන් තමන්ට රිසි සේ ලැබෙන වෙලාවට... රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ
කටයුතු හොඳින්ම සිදු වන වෙලාවට... ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න කටයුතු හොඳින්ම කර
ගන්න පුළුවන් වෙන කොට... හැම දෙනාගෙන් ම සහායක් ලැබෙන විට... අතේ මිල මුදල් යහමින්
ගැවසෙන විට... මේ වගේ තත්වය යටතේ සතුටෙන් සැනසීමෙන් ඉතාමත් ප්‍රශංසනීය චරිතයක් වගේ
හැසිරෙන්න කාට බැරි ද? ඉතින්, ඔබට හිතෙනවද මේක මහා
විශාල දක්ෂකමක් කියලා?
එහෙම
හිතෙනවා නම් ඉතින් ටිකක් විතර මොට්ටයි නේද කියලා බලන්න ඕන. මොට්ටයි කිව්වේ විදලා
බලන්න හැකියාවක් නැති යම් කාරණයක් විනිවිද දැකලා එහි සැඟව ඇති යථා ආකාරය හඳුනා
ගන්නට දක්ෂ නෑ කියන එකයි. මොට්ට වුණා වගේ නෙවේ මොට්ටකම ප්‍රදර්ශනය
කරන්න පටන් ගත්තා ම හානිය තවත් අධිකයි! ඒ නිසා මේ ගැන හොඳින් අවබෝධ කර ගන්න ඕන
හොඳේ! මේ
කිව්ව යහපත් යැයි කියන “තත්ව” එකක් හෝ හරියට නැති වෙන කොට මොකද වෙන්නේ ඉතින්? “වෙඩි කෑව සතෙක් වගේ
හැසිරෙනවා”! සැබෑවට
ම දක්ෂකමක් තියේ නම් යෙදෙන්න ඕන මේ වගේ වෙලාවට නේද?
වාහනයක්
තියා මනුස්සයෙක් සතෙක් වත් යන්නේ නැති පාළු පාරවල් වල වාහනය පැදලා දක්ෂ රියදුරෙක්
කියන්න පුළුවන් ද? හදිසියේ
හුළඟ ටිකක් වේගයෙන් හැමුවත් ඇති වාහනය පාලනය කර ගන්න දක්ෂ නෑ... වාහන, මිනිස්සු, සත්තු ආදී හැමෝම ගැවසෙන
ඉතාමත් කාර්ය බහුල පාරක වාහනය කිසිවෙකුටත් අනතුරක් නැතිව පැද ගෙන තමන්ගේ අරමුණ කරා
නිසි වෙලාවට කිසිම කම්පාවක්
නැති මානසිකත්වයකින් ලඟා වෙන්න හැකි කෙනෙක් නේද ඇත්තටම දක්ෂ රියදුරෙක් වෙන්නේ?
පාරට
වාහනය දාගත්ත වෙලාවේ ඉඳලා පදිකයන්ට බැන වදින... සත්තු වත්තම මතක් කර ගෙන අනෙක්
වාහන වලට බැන, බැන
අනතුරු නොවී නූලෙන් බේරී ගෙන... මාර්ග නීති ඔක්කෝම කඩා ගෙන... දඩ වදින කොට ඒවටත්
බැන ගෙන... මේ මහා ජංජාලයක් එක්ක වාහනය පැද ගෙන යන එක දක්ෂ රියදුරු කමක් කියලා ඔබට
හිතෙනවා නම් ඉතින්, ආගම
දහම මොකක් වුණත් තමන්ගේ මේ තත්වය ගැන නම් ඉතින් තව ටිකක් හිතලා බලන්න වෙයි හොඳේ!
අදක්ෂකම
ප්‍රදර්ශනය කරන්නේ නැතිව දක්ෂ වෙන්නට තම තමන්ගේ ආගම් දහම් තුලින් පෙන්වා දෙන
ගැඹුරු වූ යහපත් වූ කාරණාත් උපකාර කර ගන්න කොතරම් නම් හැකියාවක් තියෙනවා ද? කොහෙද ඉතින්, පිස්සුවෙන් දඟලන කොට මේ
කිසිම කාරණයක් උපකාර කර ගන්නටවත් වැටහෙන්නේ නෑනේ ඉතින්! නේද?
යම්
ප්‍රශ්නයක් ගැටලුවක් කියලා දැනෙන කායික වශයෙන් ලෙඩක් දුකක් වේදනාවක් වේවා... බාහිර
පාර්ශවයක් මුල් කර ගෙන මුහුණ දෙන්නට සිද්ධ වෙන ප්‍රශ්නයක් වේවා... ඕනෑම ඔය වගේ
අවස්ථාවක දී ඔක්කොටම කලින් පිස්සුවෙන් වගේ දඟලන්නේ නැතිව පොඩ්ඩක් ඉවසීමෙන් ඒ
අවස්ථාව දිහා බලන්න පුරුදු වෙන්න ඕන! අපේ “මාස්ටර් පෝ” ගේ උපමා කතාව තුලින් පෙන්වා
දුන්නා වගේ “උපේක්ෂාව” ප්‍රගුණ කර ගන්න ඕන. ඒ කියන්නේ ඕනෑම දෙයක් දැඩිව ග්‍රහණය කර
ගන්නේ නැතිව මධ්‍යස්තව විමසන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි ඒ කාරණයට
තිබෙන විසඳුම් කොච්චර තියෙනවා ද කියලා වැටහෙන්නේ.
ප්‍රශ්නයක්
කියන්නේ ම උත්තරයක් තියෙන නිසා නේ. උත්තරය හමු වෙන්නේ නැත්තේ පිස්සුවෙන් වගේ
වටේ ට ම දොස් තබමින් දඟලන නිසයි. තමන්ට
මේ සිද්ධ වෙන සිද්ධිය වටහා ගන්නට නම් උමතු වෙලා බෑනේ... පැහැදිලි මානසිකත්වයක්
ඇතිව කටයුතු කරන්න ඕන. නැත්නම්
ඇල්ලට වැටුණ ලමයටයි... පිස්සුවෙන් කෑ ගහ ගෙන ඇල්ලට පැන්න අම්මටයි දෙන්නට ම ජීවිතය නැති
වුණා වගේ තමන්ටත් අනුන්ටත් අනතුරක් කරදරයක් හිරිහැරයක් හානියක් ගෙන දෙන අවසානයක් ම
තමයි හැම මොහොතක දීම ලැබෙන්නේ.
එහෙනම්, “ප්‍රශ්න නැති වෙලාවට
තමයි මානසිකත්වය පැහැදිලි... මේ ප්‍රශ්න එක්ක මොනවත් කර ගන්න බෑ” කියලා යම් ප්‍රශ්නයක්
ගැටලුවක් එන විට සතෙක් වගේ උමතුවෙන් අදක්ෂ ලෙසින් හැසිරෙන්නේ නැතිව, තමන්ට ලැබූ මනුස්ස
ජීවිතය... මනුස්සයෙක් වශයෙන් යමක් ගැන සිතා බලන්නට, විමසන්නට ලැබී ඇති
හැකියාව දක්ෂ ලෙසින් ඔප මට්ටම් කර ගන්නට යොමු වෙන්න ඕන! එතකොට ඔය මානසික ආතතිය
කියන ඒවයි... ඒ හා බැදුණු කායික රෝග කියන බොහෝමයක් තත්ව වලට නිකම්ම විසඳුමක්
ලැබෙයි!
ඉතින්, මනුස්ස ජීවිතයක් ලැබූ අවස්ථාව යහපත් ලෙසින් ප්‍රයෝජනයට ගන්න! එය ඔය කිව්වා වගේ විකාර ආකාරයෙන් භාවිතා කරන්නේ නැතිව නැණවත්ව භාවිතා කරන්න දක්ෂ වෙන්න ඕන! “ප්‍රශ්න නිසා තමයි මෙහෙම හැසිරෙන්නේ!” කියලා කියන්න හිතෙන වෙලාවට “මම මේ දැන් මගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න තමයි යන්නේ” කියලා සිහියට පත් වෙලා... “ප්‍රශ්න ඇති වෙලාවට තමයි සිහියෙන් ම වැඩ කරන්න ඕන එතකොට තමයි එය නිවැරදිව විසඳගන්නට පුළුවන් වෙන්නේ” කියලා තමන්ට ම කියා ගෙන ඒ අනුව කටයුතු කර ගන්න ඕන හොඳේ! කරලා බලන්නකෝ වෙනස! එහෙනම් ජය වේවා ඔයාලා හැමෝටම!!!
නිවීම පිණිස උපකාර කර ගත හැකි දහම් විග්‍රහ සඳහා නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඇසුරු කරමින් සැනසෙන්න!
Wednesday, November 1, 2023
කම් සැප තුල නිවීම
බුදු දහම ලෙසින් මේ වන විට ප්‍රතිරූපක දහම් බොහෝමයි
කියලා යන්තමට හෝ නුවණක් ඇති පිරිසට නම් වැටහෙනවා. අද අපි මේ වන විට ප්‍රකට මතයක්
වන “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක්
කරන්නට හැකියි!” කියමින් ප්‍රකාශ කරන බුදු දහම නමින් ප්‍රකාශ වන තවත් එක් වරදවා
ගත්තා වූ දෘෂ්ඨියක් ගැන කෙටියෙන් විමසා බලන්නට මෙවර කතු වැකිය තුලින් උත්සාහ
ගනිමු!
පොඩි දුවගේ සිනා වැලයි - පොඩි පුතුගේ කතා පෙලයි - ප්‍රිය
බිරිඳගේ සෙනේ විලයි - මගේ නිවන මගේ පැල්පතයි....// මෙන්න මේ වගේ නිවනක් ගැන,
තථාගත ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරන “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට
නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” යැයි යමෙක් පවසන විට “අන්න ඒක තමයි හරි!
ඒක කරන්න පුළුවන්” කියලා එකවරම ඒ අදහස් වලට ආකර්ශණය නොවී නුවණක් වේ නම් ඔබ මෙන්න
මේ ගැන සිතා බලන්නට උත්සාහවන්ත වෙන්න ඕන කියලා තමයි මගේ නම් අදහස!
විමුක්තිය ලෙසින් විවිධාකාර අදහස් මතවාද ලෝකය පුරා
හැමදාම තිබුණා... තියෙනවා... මතුවටත් එහෙමයි. ඒ වගේ ලෝකයකට තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන සියලු
දේ තතු සේ දන්නා ප්‍රඥාවන්තයෙක් පහල වෙලා “සැබෑ විමුක්තිය” කියන්නේ මොකක්ද කියලා
පෙන්නලා දෙන්නේ. ඉතින්,
මෙය අවබෝධ කර ගන්නට ඉතාමත් අපහසු
කාරණයක් නිසාම බහුතරයක් දෙනා මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පෙන්වා
දෙන්නෙත් තමන් විශ්වාස කර ගෙන ඉන්න විමුක්තියම තමයි කියලා රැවටීමත් සාමාන්‍ය දෙයක්. ඒ නිසා තමයි “නැණවත් පර්යේෂණයක්... විමර්ශනයක් අවශ්‍යයි...
එසේ කර ගන්නා ප්‍රඥාවන්තයින්ට නම් ඒ සැබෑම විමුක්තිය අවබෝධ කර ගැනීමට මඟ විවර
වෙනවා!” කියලා කියන්න පුළුවන් වෙන්නේ!
එසේ නම් දැන් මේ ලෝකයට සැබෑම විමුක්තිය හෙවත් “නිවන”
කියන විෂය ඉදිරිපත් කල ශාස්තෘන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් යම්, යම් අදහස් මත ප්‍රකාශ කරන විට ඒ ශාස්තෘන්
ගැන සොයා බලන්න... උන්වහන්සේ ගැන ප්‍රකට කතා විමසා බලන්න තරම් වත් නැණවත් භාවයක්
තියෙන්න ඕන.
රජකම... රජ සැප... අති සුන්දර බිරිඳ... පුංචි පුතා...
ආදී අධික වූ සැප සම්පත් රැසක් අතහැර සැබෑම විමුක්තිය උදා කර ගත්ත ඒ ශාස්තෘන්,
සැබෑම “නිවන” ගැන
පෙන්වා දුන්නා වූ ඒ ශාස්තෘන් “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන්
යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” කියමින් දැන් බහුතරයක් කරන සාමාන්‍ය ගිහි කටයුතු කරලා තියෙනවද කියලා
උන්වහන්සේ ගැන ඇති කතා තුලින් වත් විමසා බලන්න ඕන ඉතින්!
මේ විශ්වයේ ම සියල්ල දැන ගෙන සිටිය සර්වඥතා ඥාන සහිත
සම්මා සම්බුදු කෙනෙකුට මේ සාමාන්‍ය පිරිස වගේ නෙවේ නේ ඕනෑම දෙයක් කරන්නට හැකියාවක්
තියෙනවා. ඒකත් ඔය කියන
විදියට අතහැරීමෙන් යුතුව. ඉතින්,
නැවත තිබුණේ නැද්ද නැවත රාජ්‍ය
පාලනයක් කරන්න යන්න? සක්විති
රජකම් කරන්නට තරම් හැකියාවක් ඥානයක් තිබූ උන්වහන්සේට තිබුණා නේ “මම දැන් නිවන්
දැකලා ඉන්නේ... අත හැරිලා ඉන්නෙ... අතහැරීමෙන් යුතුව ඕනෑම දෙයක් කරන්නට මට
හැකියි... ඔයාලත් මේ පැවිදි ජීවිතයට එන්න එපා... අතහැරීම කියන්නේ ඔය වගේ දුක්
විඳින වැඩක් නෙවේ... සැපට ඉඳ ගෙන අතහරින්න පුළුවන්... ඔය ඔක්කෝම එළු බැටළුවෝ හරක්
බලා ගෙන ගොවිතැන් කරගෙන... දරුවන් හදා ගෙන, විවාහයක් කර ගෙන... ඔයාලා ඔය දැනට කරන ගිහි වැඩ
සියල්ල කරගෙන රටක් රාජ්‍යයක් උනත් අතහැරීමෙන් යුතුව පාලනය කරන හැටි මම කියලා
දෙන්නම්... ඕවා අල්ලා ගන්නේ නැතිව කර ගන්න ලබන්න ඕන අවබෝධය ගැන මම කියලා
දෙන්නම්... ඔයාලා ඔය විදියට ම කරගෙන යන්න” කියලා උන්වහන්සේට නේද එහෙනම් හොඳින් ම
කියන්න හැකියාවක් තිබුණේ?
උන්වහන්සේට තිබුණා නේ විනය ශික්ෂා ආදිය පනවන්නේ නැතිව
පැවිද්දට ආව පිරිසටත් “මේ පද්ධතිය හොඳින් නඩත්තු කරන්න ඕන... මේ දේවල් ගිහි අයගෙන්
දායක පාර්ශව වලින් ඉල්ලා ගන්න ආධාර එකතු කරන වැඩපිළිවෙලක් සකස් කර ගන්න ඕන...
මුදල් හෝ භාණ්ඩ හෝ වේවා නිසි විදියට නඩත්තු කර ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන...
අතිරික්තය ගිහි අයට
බෙදා දෙමින් ඒ අයගේ හිත දිනා ගෙන වැඩ කරන්න ඕන... මතක තියා ගන්න මේ දේවල් අපි
කරන්නේ අතහැරීමෙන් යුතුවයි... නිවන් දැකලා ඉන්න අපට ඕවායේ කිසිම ආසාවක් නෑ... මේ
දේවල් අපි කරන්නේ නිවන් දැකල යි... මේ දේවල් වලින් විමුක්ත වෙලා නිසා අපට මේ දේවල්
කරන්න කිසිම වෙහෙසක් නෑ... ප්‍රශ්ණයක් නෑ...” කියලා අපේ සම්මා සම්බුදු පිය රජුන්ට
ඉතින්, හොඳින් ම ඔය
විකාර සහගත වූ පොරයේ නිරත වෙන්නට උපදෙස් දෙන්න හොඳින්ම පුළුවන්කම තිබුනා නේ!
රජවරු... සිටුවරු... අති සුන්දර කුමාරිකාවන්.. සිටු
දියණියන්... විවාහ වෙන්නෙත් නැතිව පැවිද්දට එන විට... ගිහි ජීවිතයේ පවා ගිහි
කටයුතු අතහැර විමුක්තිය පිණිසම කැප වන විට... “ඔහොම කරන්න ඕනෑ නෑ... අතහැරීමෙන්
යුතුව ඕවා කර ගන්න පුළුවන්... නිවන් දැකලත් ඕවා කරන්න පුළුවන්... ඒ නිසා ඔය කටයුතු
ඔහොම ම කර ගෙන යන්න කියලා” උන්වහන්සේටත් උපදෙස් දෙන්න තිබුණා නේ.
“ජීවිත ආශාව තියේ නම් මේ විමුක්තිය කියන කාරණය අභව්‍ය
යැයි” කියලා පෙන්වා දෙන්නේ නැතිව “ජීවිතය කෙරෙහි ආශාවෙන් නිවන් දැකීම පිණිස ජීවිතය
රැක ගෙන කටයුතු කරන්න” නිවන් දකින්නත් ඉතින් හොඳින් සැපට නිරෝගීව ඉන්න එපැයි...
තියෙන ප්‍රශ්න විසඳා ගෙන එපැයි නිවන් දකින්න!” කියලා මේ තථාගත දහම ලොවට විවර කල
මූලස්ථානය වූ අපගේ සම්මා සම්බුදු ශාස්තෘන් වහන්සේට ම කියන්න තිබුණා නේ.
ඒ කාලේ විමුක්ත වූ මහ රහත් වූ ශ්‍රාවක
උතුමන්ට ඒ ගැන කියන්න තිබුණා නේ.
ඉතින්, මේ පහත් වූ... ග්‍රාම්‍ය වූ... “ගිහි” හෙවත් හිස් වූ
වැඩපිළිවෙලක්... අර්ථයක් නො ලැබෙන අනර්ථයක් ම ගෙන දෙන ඉතාමත් වෙහෙසකාරී පොරයක්
මහත් වූ වින්දනයක්... සැපයක් ලෙසින් දකින, කෙලෙස් සහගත වූ පැවැත්මට කැමැත්තෙන් බැඳුණු තමන් තුල
වූ මේ උමතු මානසිකත්වය හඳුනා ගන්නවා වෙනුවට “නිවන් දුටු... අතහැරීම අත් දුටු...
සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” කියමින් “ධර්මානුකූල ව
කාමයේ හැසිරෙන ආකාරය පෙන්වා දෙන” මේ මොට්ට වූ අනුවණ සහගත වූ වරදවා ගත්තා වූ මිත්‍යා
දෘෂ්ටියක් වූ තථාගත සත්ධර්මය ලෙසින් ප්‍රතිරූපකයක් ලෙසින් ප්‍රකට වෙමින් පවතින මේ
පුද්ගලික කෙලෙස් සහගත මත නැණවත් ඔබ විසින් හඳුනා ගත යුතුයි!
ගිහි පරිසරයේ ගිහි කටයුතු කරමින් “මමත් රහත් වෙලා”
යැයි ප්‍රකාශ කරන ගිහි පිරිස අතරටත්... පැවිදි ජීවිතයේ දී “තෙරුවනේ නාමයෙන් කල
යුතු යැයි” පවසමින් නො කල යුතු සියලු ගිහි කටයුතු කරමින් “මමත් රහත් වෙලා... මමත්
ආර්ය වූ මාර්ග ඵල ලාභියෙක්...” යැයි ප්‍රකාශ කරන පැවිදි පිරිස අතරටත් එකතු වෙන්නට
ඔබට වැඩි කාලයක් ගත නොවේවි!
ඇයි දන්නවද? එය තමයි පහසු ම නිවන! කෙලෙස් සහගත සිත අපව යොමු කරන
විමුක්තිය එය තමයි! මෙන්න
මේ දෘෂ්ඨි ජාලාවන් වලට පත් වන ස්වභාවය තමන් තුල විනිවිද දකින ඤාණ ලබා ගැනීම පිණිස
කැප වෙන්න!
ගිහි වේවා පැවිදි වේවා මේ කියන හීන වූ... පහත් වූ...
ග්‍රාම වූ... ගිහි වින්දනය අවබෝධ කර ගනිමින් කෙලෙස් සහගත වූ... පැවැත්මට හේතු වූ
වැඩපිළිවෙල හඳුනා ගනිමින් අති දුලභව ලැබූ සම්මා සම්බුද්ධ ශාසනයක දී පමණක් අවබෝධ කර ගන්නට අවස්ථාව ලැබෙන
“සැබෑම විමුක්තිය... සැබෑම නිවන” අවබෝධ කර ගැනීම පිණිස කැප වෙත්වා!!!
අප විසින් නිරන්තරයෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන ගිහි බව සහ ගිහි වත අතර ඇති වෙනසත් පැවිදි බව සහ පැවිදි වත අතර ඇති වෙනසත් නුවණින් විනිවිද දැක ගන්නට කැප වෙත්වා!!! ගිහි වතක හෝ පැවිදි වතක ගිහියෙක් නොවන්නටත්... ගිහි වතක හෝ පැවිදි වතක පැවිද්දෙක්ම වන්නටත් ප්‍රඥාවන්තව කටයුතු කර ගනිත්වා!!! නිදහසේ ආශාවන් භුක්ති විඳීමට සටන් කරන එවැනි විමුක්තියක් සොයන අඥානයෙකු නොවී ආශාවන් ගෙන් නිදහස් වීමට සැබෑම නිරාමිස සුව ඇති සැබෑ විමුක්තිය සොයන ප්‍රඥාවන්තයෙකු වෙත්වා!!!
නිවීම පිණිස උපකාර කර ගත හැකි දහම් විග්‍රහ සඳහා නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඇසුරු කරමින් සැනසෙන්න!
Nibbana - the pleasurable lay life!
Those who have even a tiny sense
about deep Buddhist teachings, may have already noticed that there are many
replicas of Buddhism teachings. There is this quite popular opinion about
Buddhism that "One can do anything without clinging to anything after the
awakening or Nibbana!" and do all the stuffs which includes in the rat
race!
When someone says "One can
do anything without clinging to anything after the awakening or Nibbana!"
and keep encouraging you to keep continue the rat race by the name of
deep Buddhist teaching, you should at least investigate the facts of Buddhism!
Various opinions about the
"Liberation - Nibbana - Moksha - Salvation" were always there and
will be there. A Samma Sambuddha is a one who happened to this world once
a time and explaining about the actual liberation by opening to the path of
real "Truth". And this becomes a very difficult and very deep
teaching to understand for most of beings. So, what happen is that we
keep continue to believe what we believe all those time as the
"truth" and mistaken it for the actual "TRUTH". We
just believe Samma Sambuddha also shown another version of what we believe as
"truth". That's why it says in the Buddhist teachings "one
should have a deep investigative nature, and develop certain level of wisdom to
understand beyond what we believe as truth!" Then only, you could
dive in to the deep teachings!
So, as a beginning then we must
at least develop our investigative nature by going through the facts.
Remember, just as a beginning only! Then what we get about the character named
"Siddartha Gauthama" who introduce the Buddhist teachings to the
world in this Buddha Sasana? A prince who gave up all the luxurious life
style as a prince... and his extremely beautiful wife and the kid... and gave
up everything pleasurable as a lay person.
As the person who introduce the
real liberation for those who have mistaken it for something else, is the best person to say this phrase of "One can do anything
without clinging to anything after the awakening or Nibbana!" and keep
encouraging you to keep continue to do the rat race isn't it?
But did the blessed one do
so? Have you ever seen anywhere that the blessed one encourage anyone by
saying "I can do anything because I am awakened... so, I'm planning to go
back to the kingdom and do the needful as a king... I prefer going back to the
royal meal as I now have no attachments to anything... I can wear anything now
coz I'm free from attachments... I can go back to work as a husband and a true
father because now I can love anyone without attaching to them... So, let me
explain that path of liberation where you can enjoy all the pleasures in lay
life and at the same time can enjoy the awakening... let's do the needful to
have a pleasurable lay life... let's keep doing what we can easily do as lay
people... let's makes kids... let's have some sex... let's have some political
views and build a better place for everyone..."
Have you ever heard of such a
Buddhism? Yes, currently this kind of a Buddhism is getting quite
popular!
If this is the kind of liberation
one could achieve, the blessed one could have NOT recommended the precepts or
the Disciplinary rules to those who have entered to the monkhood or practicing
the path of nibbana right? The blessed one could have said; "Oh
bhikkhus, please do build proper places and keep maintaining them... ask for
the lay people to support for what you are doing and ask for money and other
donations because you can do it without any attachments... please do share the
extra things with lay people and keep support them by pleasing them... and do
actively advice the politicians and keep doing the political stuffs to make a
better place because you can do anything without attaching to it with this kind
of a deep understanding... etc... etc.." Do you think the main root
of Buddhist teachings, the blessed one have encouraged others like this?
NO!!! Not even a
single true disciple of Buddhism has encouraged such a method. Not even
the true lay disciples have encouraged such stupidity! Because anyone
with a tiny wisdom have the true sense of the true nature of this rat race.
They know how exhausting and how meaningless is this. They have a sense
of a trap called the existence!
The blessed one said "If
there is a desire for life and living, this thing called liberation is
impossible for such"! The blessed one did not encourage anyone to
have a pleasurable life and maintain the life style perfectly, so that one can
think about liberation after solving all the problems in life. So, be
wise my dear dhamma friends!
Do not try to fall for the
easy awakenings! Because that will definitely awaken you for another deep
sleep. There is nothing like "having a pleasurable lay life call nibbana" in true Buddhism. It's true a worm enjoys his pile of dung as a
treasure. That's its pleasure. and that's the liberation for
it! In another way "freedom of desires” not the Freedom from
desires!
The wise beings don’t do things
just because that's the easy way or that because seems right thing to do. The wise beings always look deeper in to the matter no matter how difficult it
is to understand and explore what is unknown for them. So, defilements
are one of the most difficult subject to understand. But the wise beings never
give up on understanding them profoundly. coz that's the root of
existence filled with loads of suffering and reasons to suffering in various
ways! Defilements creates the various possibilities of suffering and drag
us deep in to the pit hole! So, even when you decided to overcome
these you again trap by the name of liberation like we discuss here.
There are these differences
one should realize as "staying in certain life style and becoming a
one" For example; you can stay in the lay life but not becoming a lay
being. you have to become an ascetic or a priest in your mind and act like one
even as a person who chose to spend the time in the lay life style" You
can become an ascetic or enter to the monkhood as a priest, monk or nun by
changing in to robs and alms bowl but you can still be a lay being by doing and
encouraging the lay stuffs. So, you have to become an ascetic or a priest in
your mind even though you chose to spend the time in the monastic life as a
monk or nun"
So, there is this difference of changing the outer appearance and life style but still clinging and attracted to the worldly meaningless lifestyle. So, one should be careful not to become such a being who fight for freedom of desires! Always remember to be a wise disciple! Have a blessed time by exploring what type of a "freedom fight" you have within!
Sunday, October 1, 2023
Needing a servant
Understanding and realizing deep Buddhist teachings doesn’t mean that you are just memorizing some bundle of theories or a philosophy or written texts. Buddhist Teachings guide you to investigate the roots of all kinds of origin, which create the existence for you. To realize that, one must have profoundly observed within. So, Let’s try dig and understand another, deeper defilement of ours through this Editorial.
Like we said, one must look deep within and understand how
these roots behaving to confirm the existence in many forms. So, let’s
find out one defilement which leading us to many troubles unknowingly!
Do you like your things to be done by others? I
mean, do you like to have a servant with you? Are you asking others to do
things for you? I mean, do you like to see your parents do your
stuffs? Or do you order your kids to do your things? How about your
spouse? What kind of stuffs? Even the stuffs like “Could you pass that to
me?” kind of stuffs!
Let's say you are doing something, something like cooking...
you ask others to help you around... you ask for the bowl to clean... you ask
someone to cut the vegetable or meat... pass me that… etc... etc... it's like
you always keep a servant around. So, you might be thinking, what's the
big deal on that. What can be the defilement which create & confirm
the existence of ours?
If you could dig deeper in to this nature of ours, you will
find that this is, confirming the “comfort zone” of ours. In another way,
nurturing the comfortable existence of ours, where we do not like to do our own
stuffs even though we have the capability of doing it. We do have the
skill but we don't like to use it for the benefit of ours or others. So,
we just decided to be lazy and let others do those for us.
When this goes to the extreme level that creates the
existence of yours, “just sit or sleep and watching others doing your
stuffs" like huge rocks or mountains. And this creates the realm of
"Titans". There are certain type of God or higher realm also
exist based on the same nature but they have done some good stuffs to others by
nurturing the same nature. Let's talk about it in another chapter.
Coz most of the time this laziness creates the lower realm of Titans which also
knowns as "Asura Hell" in Buddhist Teachings. This is among the
four types of lower realms. Those “Titan” births are not visible to
normal sight as the way they are. They are visible to us like mountains
and huge Rocks or volcanos etc. That's another deep fact to realize by
understanding the roots and origins within. Buddhist teachings guides us
to realize this unknown nature of ours, only if you could listen it properly
through a real noble teacher!
But this is also not the level we are going to talk
here. Let me tell you a story first. “Kujjuttara” was known as the female
disciple who has foremost wisdom among the lay female disciples. And Veḷukaṇṭakī
Nanda Mātā was the foremost in psychic powers among the lay female
disciples. So, the blessed one asked lay female disciple to keep both of
them as the exemplary idols when we walk in this path as lay female
disciples.
So, this Kujjuttara used to be a royal servant.
Where the root began for being a “servant”? The story goes to the time of
the blessed one named "Kassapa” Samma Sambuddha. Basically, this
incident happened in the previous Buddha Sasana. Kujjuttara used to be a
wealthy daughter of one of the richest families in this birth. One
evening she used to prepare herself by sitting in front of a mirror. In that
time one of her friends, a Bhikkuni came by. But that Bhikkuni was
already become an arhath an awaken one! But for Kujjuttara she was her
friend. So, she asked the venerable nun to pass the jewelry box to her.
She asked politely though: "Oh dear venerable one, could you please pass
that jewelry box to me?" and the Bhikkuni saw the possible effects
of this “cause” she created at that moment. She thought that "If I
refused to give her this she will be not pleased and that will cause her to be
born in a hell realm. But if I do pass this that will also cause her to
become a servant for many births. But, becoming a servant is way better
than born in a hell realm. So, I better pass this to her".
So, we should know that these stories are not just given to
entertain us by knowing bunch of stories of noble ones. These stories
were given to us, so that we can realize the depth of "dependent
origination" and to understand the vastness of our behaviors named
“Karma”.
So, my dear dhamma friends, instead of examining the truth
about ourselves we are keep nurturing the defilements continuously with the
little knowledge of ours. Because, we "BELIEVE" that there are
no consequences of little things we do or little things we say or little things
we think as that is the "TRUTH" we believe!
We take our relationships for granted. So, we try to
comfort ourselves by doing these little stuffs. "Demanding to do
things for us is not a big deal!" that's how we "BELIEVE" and
that's where the whole world agree with you too! So, you won't like to listen
to the few who tries to guide you away from these dangers as majority is so
supportive for your belief. In another way “Our Stupidity”! But the
root of unawareness about the "Real Truth" keep creating various
types of existence and we don't even know about that too because what we
believe as the "TRUTH" is so powerful to keep us in the dark!
We believe that there are no noble ones among us.
Definitely not among the loved ones! How on earth my kids or my spouse or
my parent or my friends or my relatives or the people I meet can be noble ones?
They behave just like me. So, we take assumptions according to the way we
believe. like the wealthy lady took an assumption over her friend nun as
"It's ok to tell her to do my stuffs". But in reality, they
have developed the wisdom and all the other qualities to cease this existence
and that makes them noble ones. Because, they were smart enough to see
the viciousness of this existence and they were wise enough to see the origin
and the roots of existence which keep nurturing in each moment we call
“life”!
So, my dear friends just try to be wise! Understand
the defilement of entertaining “self” through asking others to do your
stuffs. That way you will be able to save yourself until you realize this
depth of existence and its roots. Because, if you do not consider it,
then the “next birth effect” is not the worst thing could happen to you.
For me it is the "opportunity of realizing the ultimate truth by the
support of these noble ones which can save us" which we missed just
because of our baseless assumption and maintenance of our comfort zones.
Is it worth?
So, think wisely... why would I have to tell others to do
my stuffs. Why I should expect others to do my stuffs. Why I need to
encourage slavery even through my relationships. I should do my things
and I should help others willingly not because they ask us to do. Helping
others should be your own choice. But asking others to do your own stuff
shouldn’t be our best choice just because it is the easy thing to do!
And always remember, there is no exact measurement of
recognizing the noble ones. They make decision by considering what is
best for that moment. Just like that awaken nun too the decision of
passing that jewelry box. They do so because they are someone who realize
the hidden trap of this existence. But, in other hand we behave like we
know everything! So, we don’t even minding asking to do our stuff even
from a Samma Sambuddha. Sometimes, lay people do ask monks & nuns and
specially the little monks to do their stuffs. And most of the time even
though we know our spouse or parents or relatives or friends or someone whom
walking in this path of nibbana we just don’t mind asking them to do our
worldly stuffs. Instead of following the path they do, we just asking
them to do our stuffs.
We are behaving stupidly and making assumptions and we
believe that they too are happy and willing to do so. But, for them
we are bunch of kids who have the petrol in hand and plays with fire unknowing
to the danger. So, they just silently helping us by believing that we
might take the opportunity of saving ourselves. But we…??? Forget it!!!
So, my dear dhamma friends… if we are wise only, we will
listen to these warnings! But we are so blind by what we believe so we
don't care to listen! We just like to argue and win over it!
And the wise ones stop warning us! So, we are the one who responsible for
our own disasters. If at least you can keep that in mind there you will
see the silver lining in the darkness! Have a blessed time by recognizing
defilements!
මෙහෙකාර සේවය
කොතරම් බණ දහම් ඇසුවත් තවමත් බණ දහම් අසන බහුතරයක් පිරිසත් නුවණ මෙහෙයවා දැක ගන්නට අදක්ෂ වූ කාරණයක් මෙවර කතු වැකිය තුලින් කෙටියෙන් නමුත් විග්‍රහ කර දෙන්නට සිතුණා. බණ ඇසුවත් මේ ගැන නිසි සේ වටහා නො ගන්නා පිරිස වෙතටත්, තවමත් මේ කාරණය ගැන කිසිම ආකාරයකින් දැනුවත් ව හෝ සිතා බලන්නට වත් යොමු නොවූ සැම වෙතට යහපත පිණිස ම හේතු උපකාර වෙත්වා!!!
අපි සාමාන්‍යයෙන්
කරන දෙයක් තමයි අනුන්ට වැඩ කීම. පුංචි
දරුවෙක් ගේ පටන් ගෙන රාජකාරි මට්ටමෙන් මෙහෙකාර සේවයේ යොදවා ගත් පිරිස දක්වා ම අන්
අයගෙන් යම් වැඩක් කරවා ගැනීම අප සාමාන්‍යයෙන් කරන දෙයක්. ගෙදර පුංචි දරුවන්ගෙන් නම් පුංචි,
පුංචි වැඩ ගැනීම සාමාන්‍ය දෙයක් වගේ
වෙලා නේ තියෙන්නේ. මේ
තත්වය පුරුද්දක් සහ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා නිසාම අප සමහර අවස්ථා වල දී අප
අත් දැකලා තියෙනවා පුංචි
හාමුදුරුවරුන්ට පවා වැඩ කියන්නට ගිහි පාර්ශව දෙවරක් සිතන්නේ නැති බව.
ඉතින්, තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට අලස වීම
නිසා මව් දෙමව්පියන්ගෙන් වැඩ ගන්නා දරුවන් ද ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක් බවට පත්
වෙලානේ. අපි හැමදෙනාම
අඩු වැඩි වශයෙන් ඒ විදියට කටයුතු කලා. නමුත් වරද, වරද ලෙසින් හඳුනා ගෙන හැදෙන දරුවන් ද සිටිනවා.
තව කොටසක් තමන්ගේ දරුවන් පවා බලා
ගන්නට දීලා දිගටම තම දෙමව්පියන් ව වහල් සේවයේ යොදවා ගන්නවා. මේ විදියට මේ කාරණය අඩුවක් නැතිව සිදු
වෙන්නේ තම තමන්ගේ පහසුව පිණිස බව වැටහෙනවා ද?
යමක් කර ගන්නට
දක්ෂ වුවත්... ශූර බව තිබුණත්... අශූර ලෙසින් කටයුතු කරනවා. ඉතින්, මේ නිසා සකස් වෙන සතර අපා ගත උපත තමයි
“තිරිසන්, ප්‍රේත,
අසුර, නිරය” කියන සතරෙන් “අසුර” අපා ගත
ජීවියෙක් වීම. දැන්
මේ අපායට යාමේ තත්වයටත් වඩා ඉතා සියුම් වූ කාරණයක් ගැන කතා කරන්නට තමයි ඇත්තටම මේ
කතු වැකිය වෙන් කරන්නේ.
ඒ තමයි, අපි බොහෝ වෙලාවට අපේ දේවල් කර ගන්නට
පුරුදු වෙලා හිටියත් සමහර වෙලාවට මේ කර ගන්නට හැකි දේවල් කර ගැනීමට පවා අපි අපේ
හිතු මිතුරන් ව... ලඟින් ඇසුරු කරන අයව යොදවා ගන්නා අවස්ථා තිබෙනවා. අපි යම් වැඩක් කර, කර ඉන්න කොට තමන්ට ගන්නට හැකි වුවත්
“ඔන්න ඕක මෙහෙට දෙන්න... අරක කරලා දෙන්න... මේක අරගෙන දෙන්න...” වගේ ඉතාමත් සියුම්
අවස්ථා වල දී පවා තවත් කෙනෙක් ලවා අපට කර ගත හැකි දෙයක් කර ගන්නවා. ඇයි එහෙම කර ගන්නේ? අපිට හැකියාව තිබුණත් ඒ වෙලාවේ ඒ දේ
වෙනුවෙන් ඒ කැප කිරීම කරන්නට අප කැමති නෑ... ඒ වෙනුවෙන් අපගේ වැඩ කටයුතු යම්, යම් ආකාරයෙන් වෙනස් කර ගෙන කැප වෙන්න අප
කැමති නෑ. ඉතින්, මෙහෙම වෙන්නේ අපට මේ වගේ පුංචි කාරණයක
සැඟවෙලා තියෙන බරපතල අනතුර ගැන ඇති නොදැනුවත්කම නිසාමයි. දැනුවත් කලත් ඒ ගැන හදවතට ම දැනෙන්නේ
නැති නිසයි!
දැන් පුංචි
කතාවක් කියන්නම් කෝ... සම්මා සම්බුද්ධ රත්නය විසින් ගිහි පරිසරයක වාසය කරමින්
නිවන් මඟ ප්‍රගුණ කර ගන්නා කාන්තා පාර්ශවයට ආදර්ශයට ගන්න යැයි පැවසූ චරිත දෙකක්
ඉන්නවානේ. ඒ තමයි ප්‍රඥාවන්ත
උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලැබූ ඛුජ්ජුත්තරා මහා උපාසිකාව සහ සෘද්ධිමත්
උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලැබූ නන්ද මාතා මහා උපාසිකාව. එයින් ඛුජ්ජුත්තරාව කියන්නේ දාසියක්
ලෙසින් කටයුතු කල කෙනෙක්. ඉතින්,
මේ දාසියක් වීමට කර්ම විපාකය ගැන
අහලා තියෙන අයත්, නැති අයත් මේ
කියන කාරණයේ ගැඹුර හොඳින් අවබෝධ කර ගන්නට යොමු වෙන්න ඕන! මේ විදියට මේ කර්ම කතාවන් අපට බණ දහම්
ඇසුරේ දී ලබා දී තිබෙන්නේ ඒවා තුලින් අර්ථයක්, ධර්මයක් අප දැකිය යුතු නිසයි.
මේ ජීවිතයේ
“ඛුජ්ජුත්තරා” නමින් වූ ඇය අපේ උතුම් කාශ්‍යප සම්මා සම්බුදු රඳුන්ගේ කාලයේ එක්තරා
සිටු දුවණියක්. ඉතින්,
මේ සිටු දුව හවස් කාලයේ
කැඩපතක් ඉදිරියේ සැරසෙමින් ඉන්නවා. ඒ වෙලාවේ ඇයගේ හිතවත් එක් රහත් භික්ෂුණියක් ඈ දකින්නට
එහි පැමිණියා. ඉතින්,
ඒ වෙලාවේ සිටු දියණිය
ලඟත් දාසියක් හිටියේ නැති නිසා තමන්ට ඒ වෙලාවේ අවශ්‍ය කල ආභරණ පෙට්ටිය දෙන්න කියලා
ඉල්ලුවේ අර රහත් තෙරණියගෙන්. සිටු දුව “ආර්යාවනි, වඳිමි. මගේ අර පළඳනා පෙට්ටිය අරගෙන දෙන්න යැයි කීවා!”
ඉතින්, රහත් තෙරණිය දකිනවා “යම් හෙයකින් මේ
පෙට්ටිය රැගෙන නො දුන්නොත් මා කෙරෙහි ආඝාත ඇති කරගෙන ගැටිලා නිරයේ උපදිනවා.
මෙය රැගෙන දුන්නොත්
අනුන්ට වැඩ කරන දාසියක තත්වයෙන් නවතිනවා. ඉතින්, අපා දුක් විඳිනවාට වඩා අඩුම ගානේ මනුස්ස ජීවිතයක් ලබා
අනුන්ට මෙහෙකාර කම් කිරීම දුක් අඩුයි නේ” කියලා සිතලා ඈ කෙරෙහි අනුකම්පාවෙන් ම අර
ආභරණ පෙට්ටිය රැගෙන දුන්නා. ඉතින්, ඒ කර්ම විපාකයේ තරම තමයි නැවත උපදින ජීවිත ගණනාවක් ම
ඇයට දාසියක් වෙලා මෙහෙකාර සේවයේ නිරත වෙන්නට ම සිද්ධ වුණා.
ඉතින්, මම පටන් ගන්න කොට ම කිව්ව තමන්ගේ වැඩ
තමන් විසින් ම නොකර ගැනීම... තමන්ගේ සුඛ විහරණය පිණිස... තමන්ගේ පහසුව පිණිස...
තමන් විසින් අමතර වෙහෙසක් දරා තමන්ට අවශ්‍ය දේ කර ගන්නවා වෙනුවට මොහොතකට හෝ අන් අය
ලවා කරවා ගැනීමට දරන උත්සාහයේ විපාක මේ වගේ. මේ විදියට සුළු හෝ වැඩක් කරවා ගන්නේ ආර්ය ශ්‍රාවකත්වය
ට පත් වූ කෙනෙක් ලවා නම් ඒ කරන වැඩෙන් අප විශාලතම අනතුරට පත් වෙන වෙලාව තමයි ඒ.
කොට්ටෝරුවා ගස් වලට කොට කොටා ගිහින්
කෙසෙල් ගහට කොටපු දවසට තමයි වැඩ වරදින්නේ කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කියමනක්
තියෙන්නේ අන්න ඒ වගේ!
ඉතින්, ආර්ය ශ්‍රාවකත්වය කියන්නේ, ඒ කියන්නේ සෝතාපන්න ආදී මාර්ග ඵල ලැබූ ආර්ය මහා සංඝ රත්නය
කියන්නේ බැලූ බැල්මට බාහිර කාරණා වලින් හොයන්න පුළුවන් පිරිසක් නෙවෙයි.
ඒ අය භික්ෂුවක් අතරේ ඉන්න
පුළුවන්... භික්ෂුණියක් අතරේ ඉන්න පුළුවන්... උපාසකයෙක් අතරේ ඉන්න පුළුවන්...
උපාසිකාවක් අතරේ ඉන්න පුළුවන්... ඒ කියන්නේ අප ඇසුරු කරන පිරිස අතරේ ඉන්න පුළුවන්
චරිතයක්. මේ අයගෙන් පෙර
අත්බැවයන් වල දී සෝතාපන්න වූ අය නැවත ඉපදිලා හිටියොත්, ඒ කියන්නේ “ජාත සෝතාපන්න” ආර්ය ශ්‍රාවකයන් ලෙසින්
කුඩා දරුවෙක් ලෙසින් හෝ මේ ආර්ය මහා සංඝ රත්නය ඉන්න පුළුවන්.
දැන් මේ ලෝකයේ
පැවැත්ම තහවුරු කර ගන්නා පොරයට පත් වෙලා ඉන්න අපට නම් ඉතින් ඕවා මහ ලොකු දේවල්
නෙවේ නේ. බාහිරයෙන්
බලලා “මේ ලමයා මොන ආර්ය ශ්‍රාවකයෙක් ද... මේ මගේ යාළුවා නේ මම දන්නේ නැත්ද මෙයා ගේ
හැටි... ඔය පොඩි දෙයක් කරලා දෙන්න කිව්වා කියලා මහ ලොකු අවුලක් වෙන්නේ නෑනේ
ඉතින්... මගේ මහත්තයා මොන ආර්යයෙක් ද, මයේ මිනිහාගේ හැටි මම නො දන්නවා යැ... මේ මගේ ගෑණි
ආර්ය උත්තමාවියක්... වෙන්න බෑ...!” මේ විදියට දරුවන් ගැන... දෙමව්පියන් ගැන...
සහෝදර සහෝදරියන් ගැන... සහකරුවන් ගැන... ඥාති හිත මිත්‍රාදීන් ගැන... දන්නා
නොදන්නා සියල්ලන් ගැන බාහිරයෙන් බලලා මැන ගෙන අපට ඕන නිගමනයට ම පත් වෙලා, අපි අපේ වුවමනාව අනුවම කටයුතු කර ගන්නවා.
“බුදු හාමුදුරුවෝ වැඩියත් ඉතින් අපි අපේ වැඩේ කරවා ගන්නවා” කියලා ඉතාමත් උජාරුවෙන්
කියන සමහර පිරිස් අපට හමු වෙලා තියෙනවා. ඉතින්, ඒ මානසිකත්වය තමයි මේ අඩු වැඩි වශයෙන් ඉදිරිපත්
වන්නේ. ඇත්තටම බුදු
හිමියන් වැඩියත් වැඩක් කරවා ගනී... මොකද බුදු හිමියන් ව වුනත් බාහිරයෙන් හොයන්න
බෑ. “අනේ ලස්සන හාමුදුරු කෙනෙක්!” කියලා වැඩිම ඕනේ නම් හිතෙයි... එහෙම වෙච්ච
අවස්ථා බුද්ධ ශාසන
වල තියෙනවා. ඉතින්,
මතු ඉපදී ලැබෙන විපාක
කෙසේ වෙතත් තමන්ට මේ අනන්ත දුක් රැස අවසානයක් කර ගැනීමට ඇති ධර්මයක් අවබෝධ කර
ගැනීමට ඇති මාර්ගයත් මේ සමඟම මේ ජීවිතයේ විතරක් නෙවේ තවත් කාලයකට වැසී යනවා.
ඉතින්, ආර්ය උතුමන් කියන්නේ උතුම් ගුණ ඇති
පිරිසක් නිසා ඒ අය බලන්නේ වඩා සාපේක්ෂව හෝ වඩා යහපතක් කර දෙන්න. හරියට අර ඒ රහත් තෙරණිය තමන්ට කියූ වැඩේ
කරන්න බෑ කිව්වොත් එයට ගැටීමක් ඇති කර ගෙන අපා දුකට පත් වෙනවාට වඩා අඩු ගානේ
මෙහෙකාරියක් වෙලා නතර වෙනවානේ කියලා තීරණය කලා වගේ. ඒ නිසා ඔබ යමක් කියන විට අනෙක් පාර්ශව එය
ප්‍රතික්ෂේප නො කරාවි. ඔබ
තුල ඇහුම්කන් දීමේ ගුණය වැඩි දියුණු නොවූ නිසාම තමයි ඒ වගේ ගැලවෙන්නට තිබෙන එවැනි
අවස්ථා පවා ඔබට මඟ හැරී යන්නේ!
“ඉතින්, ඔය කියන විදියට එහෙම බැලුවොත් ජීවත්
වෙන්නේ බෑනේ අනේ... මනුස්සයාගෙන් වත් වැඩක් කර ගන්න බැරි ද අපිට... අපේ
බිරිඳගෙන්... දරුවන්ගෙන් වත් වැඩක් කරවා ගන්න බැරි ද අපට... ඔහොම ජීවත් වෙන්න පුළුවන් ද? ඔය මොන බොරු බණ ද?” මේ පැවැත්මට වහ වැටිලා ඉන්න ඔබට ඔහොමත්
හිතෙන්න පුළුවන් නේ... ඉතින්, කරන්න
බැරි නිසා නෙවේ කිව්වේ. පැවැත්මේ
අනතුර ගැන කිව්වේ. මේ
පැවැත්ම ඔබ සිතන තරම් සුන්දර තැනක් නොවන බව සිහිපත් කර ගන්නට තමයි මේ කිව්වේ.
ඔබට මේ දේවල් කරන්න එපා කියලා
කව්රුවත් නීති දාන්නේ නෑ. අනතුර
පෙන්වා දීම විතරයි කරන්නේ. කරන
නොකරන එක අපේ වැඩක්!
ඒ නුවන ලැබූ අය
තමයි මේ පැවැත්ම කියන්නේ මොහොතකට හෝ වර්ණනා කරන්නට හැකි... මොහොතකට හෝ ගැලවීමක්
ඇති දෙයක් නෙවේ කියලා දැකලා මෙතැනින් ඉවත් වෙන ඥාන ලබා ආර්ය භාවයට පත් වෙන්නේ.
ඒ අයගෙන් දිගින් දිගට ම
තමන්ගේ පැවැත්මට උපකාර ගන්න ඔබට පුළුවන්. ඒ අයත් කිසිවක් කියන එකක් නෑ. අන්තිමට අනාථ වෙලා ඉන්නේ තමන් ම බව
නුවණක් වේ නම් හඳුනා ගන්නට තමයි මේ කියන්නේ.
අනුවණකමින් “මම
මෙහෙමයි... මේ මගේ අය... මට වැඩක් කියන්න බැරි ද මෙයා ල ට... මේ වගේ පොඩි උපකාරයක්
වත් කරලා දෙන්න බැරි නම් යාළුවෙක් ද...” මේ වගේ නොදන්නාකම නිසාම... අනතුර ගැන
නොදැනුවත් නිසාම... අප සසර පුරා අනාථ වූ බව... වෙමින් පවතින බව... අපි වත් දන්නේ
නෑ! ඉතින්, තමන් වටා ඉන්න පිරිසට ඔයිට වඩා කන්
දුන්නා නම් ඒ අය මේ සසර දුක් කෙළවර කර ගන්නට උපකාර කරන්නට හදන බව ඉඟියකින් වත් දැනුණා
නම් ඒ ඉඟිය ඔස්සේ ගිහින් ඒ උපකාරය ලබා ගන්නවා වෙනුවට ඒ අයවත් තමන්ගේ පැවැත්ම
තහවුරු කර ගන්න වැඩපිළිවෙල උදව් කර ගෙන මෙහෙකාර සේවයේ යොදවා නො ගන්නට ඔබ ප්‍රඥාවන්ත
විය යුතුයි!!!
තථාගත ධර්මය යනු
හුදෙක් සිද්ධාන්ත රැසක මතක තබා ගැනීමක් නොව තමන් දරා ගෙන සිටින්නේ මොනවා ද ඒ අනුව
තම තමන්ගේ චරියාව සකස් වී ඇත්තේ කෙසේ දැයි නැණවත්ව ප්‍රඥාවන්තව අවබෝධ කර ගැනීමක්
බව වටහා ගැනීමට තෙරුවන් රැකවරණය ම ලැබේවා!!! ඒ ලැබෙන රැකවරණය හඳුනා ගැනීමට ද දක්ෂ
වෙත්වා!!!
නිවීම පිණිස උපකාර කර ගත හැකි දහම් විග්‍රහ සඳහා නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඇසුරු කරමින් සැනසෙන්න!





