නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, January 9, 2015

දිනුවේ කව්රුන්ද? පැරදුනේ කව්රුන්ද?

සම්මත ලෝකයේ මැතිවරණයක්...
කෙනෙකුට සාර්ථකව ජයග්‍රහණයක්...
තවත් කෙනෙකුට පැරදුමක් ලබාදී අවසන් වී ඇත...
තමන් විසින්ම ගොඩනගාගත් ලෝකයක් තුල
තමන් විසින්ම සකසා ගත් සංඥා විපරීතයක් වෙනුවෙන්
කොතරම් නම් කියන්නට කරන්නට සිතන්නට ඇතිද...
මිරිඟුවක් පසුපස දිවූවද තවමත් හරයක්ම දකිනවා මිස
මිරිඟුව සැබෑ ලෙස දැක්කේද? 

හරයක් සොයමින් පතුරු ගැසූ... ගසනා...
ඉදිරියේදීත් ගසන්නට යෙදෙනා...
කෙසෙල් කඳ දැක්කේද?
මායාකරුගේ මායා බන්ධනයට වශීකෘත වී
තුටු කඳුලු සලන්නෝද දුක් කඳුලු සලන්නෝද
අතර සිටිනා ඔබ... ඔව් ඔබ!!!
සැබැවින්ම ජයක් ලැබුවා යැයි සිතන්නේද?
සැබැවින්ම පැරදුනා යැයි සිතන්නේද?
සැබැවින්ම “අපි දිනුවා“ යැයි තුටු විය හැකිද?
සැබැවින්ම “අපි පැරදුනා“ යැයි දුක් විය යුතුද?
පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය නම් උඟුලට හසුව
සිතූ කියූ කල දෑ... සිතන කියන කරන දෑ...
මතු සිතන්නට කරන්නට කියන්නට බලාපොරොත්තු වන දෑ...
සිහියෙන් නුවණින් විරියෙන් දැක...
“මම දිනුවා“ යැයි සතුටු වන්නට
මේ ශාසනය තුලදී ඔබට හැකිවූවාද? ඔබට හැකිද?
ඔබට හැකිවේවිද?
පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය නම් උඟුලට හසුව
සිතූ කියූ කල දෑ... සිතන කියන කරන දෑ...
මතු සිතන්නට කරන්නට කියන්නට බලාපොරොත්තු වන දෑ...
සිහියෙන් නුවණින් විරියෙන් දැක...
මෙහෙම ගියොත්... “මම ඇත්තටම පැරදිලා“ යැයි...
“මම සසර අනාථයෙක්මැයි“ නුවණින් දැක දුක් කඳුලු සලන්නට
ඒ අනුව කටයුතු කරන්නට...
මේ ශාසනය තුලදී ඔබට හැකිවූවාද? ඔබට හැකිද?
ඔබට හැකිවේවිද?
නැතහොත්...
මෙතෙක් සසර පුරාවට පැතූ සෙයින්... පුරුද්දට මෙන්...
වඩාත් පහසු ක්‍රමයක්... අවිද්‍යාවේම තීරණයක්...
බොහෝ ඉහළින් ගෙන උඟුලට හසුවෙනවාද?
පාලකයා දැහැමිවි... රටක් දැහැමිවූවහොත්...
තමන්ටද දැහැමිවන්නට හැකිවේවි යැයි සිතමින්...
අනුන් මත යැපෙන්නට...
මතු පැතුම් පතමින් සිටින්නේද?
මාර උඟුලට නැවතත් හසුවන්නට...
සතුටින් පෙරමඟ බලා සිටින්නේද?
සැබෑ දිනුම ලබන්නේ කවදාද?
සැබෑ මාර පරාජය කරන්නේ කවදාද?
සැබෑ මෛත්‍රිය දිනන්නේ කවදාද?
සැබෑවටම සතුට ලබන්නේ කවදාද?
ඔව්... අසන්න... විමසන්න... අනුන්ගෙන් නොව...
තමන්ගෙන්ම විමසීමට කාලයයි...
මේ ඇහැරෙන්නට කාලයයි... සැබෑවටම...
සැබෑ අනතුර දකින්නට කාලයයි...
අතිදුර්ලභ මිනිසෙක් වශයෙන්...
තම තමන්ගේ යුතුකම හැඳින මිදෙන්නට කාලයයි...
තමන් නොදකින්නේ අතහැරීමක් නැත...
අතහැරීමක් නොවන්නේ නොඇලීමක් නැත...
නොඇලීම නොවන්නේ මිදීමක් නැත...
මිදීමක් නොවන්නේ නිවීමක් නැත...
නිවීමක් නොවන ඔබට...
මැතිවරණ ජනාධිපතිවරණ රට ජාතිය ආගම වෙනුවෙන්
කරන්නට කියන්නට සිතන්නට තවත් බොහෝ දෑ ඇත!!!
අංශු මාත්‍ර හෝ නිවීමක් නොවන ඔබට...
සම්මත ලෝකයේ දිනවන්නට පරදවන්නට බොහෝ පිරිසක් ඇත!!!
එබැවින් පින්වත් දුර්ලභ මිනිසුන් වශයෙන්...
ආගම් ජාති කුලමල භේදයකින් තොරව...
අංශු මාත්‍ර හෝ බුද්ධියක් ඇත්තන්සේ...
සැබෑම ප්‍රඥාවන්තයෙක් සේ...
කටයුතු කරන්නට සිත් යොමුවෙත්වා!!!
ප්‍රඥාවන්තයින්ගේ අවධානය පිණිසයි!!!

(නිවීම පිණිස අංශු මාත්‍ර හෝ උපකාරයක් ලැබීම පිණිස මෙසේ සටහන් තබන්නාවූ වදන් සම්මත ලෝකයක දේශපාලනයකට ගලපාගනිමින් අපවාද උපවාද අපහාස උපහාස කරමින් තව තවත් සසර අනාථ වීම පිණිස නොව විවෘත මනසකින් තම තම නැණ පමණින් විමසා තමන්ටත් අනුන්ටත් යහපත ඉටු කරගන්නා සැබෑම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙතට සුපුරුදු පරිදි සිහිය, නුවණ, වීර්ය වැඩීම පිණිස උපකාරයක් වීම උදෙසාමයි!!!)

සැම සතට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබ ගින්නෙන් දාහයෙන් මිදී නිවී සැනසීමම ලැබේවා!!!

No comments: