නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, November 3, 2009

What is the fastest way to attain Nirvana?


When this question asked by a Bhikku our greatest Lord Samma Sambuddha given a really a perfect answer…



Before mention the answer of Lord Samma Sambuddha, I will give a easiest way to remind this… it is like a puzzle and we can solve it through Lord Samma Sambuddha’s answer.


This also said by our greatest Lord Samma Sambuddha;
When someone follow 01 thing he will gain 3 things… when that 3 things complete he or she complete 4 things… by completing that 4 things… he or she gain 8 things… once that 8 things complete we gain 7 things… once that 7 things complete we achieved 01 thing!


Now let’s solve the puzzle!
Let’s solve this from end to beginning which is easier to understand and let me explain this with the answer given by Lord Samma Sambuddha!


Bhikku:
"My Lord, Can you please tell me the fastest way to achieve Nirvana?"


Lord Samma Sambuddha:
"Dear Bhikku, You should complete 7 Bojjhanga"
(The 7 factors of enlightenment which are 01) Sati Sambojjhanga - Awareness or mindfulness for Dharma | 02) Dhamma Vicaya Sambojjhanga - Dharma investigation or revising the Dharma | 03) Preeti Sambojjhanga – rapture gain through Dharma | 04) Passaddhi Sambojjhanga – Relaxation or feeling of lightness of both body & mind through Dharma | 05) Viriya Sambojjhanga – The effort or energy gain through Dharma | 06) Samadhi Sambojjhanga – concentration gain through Dharma | 07) Upeksha Sambojjhanga – the high calmness gain through a mind filled with Dharma & this is happening at the last point before achieving Nirvana)


Bhikku:
"My Lord, Can you please tell me the fastest way to complete 7 Bojjhanga?"


Lord Samma Sambuddha:
"Dear Bhikku, You should complete the greatest 8 Fold Path"
(Samma Ditti – correct view | Samma Sankappa – correct intention | Samma Wacha – correct speech | Samma Kammantha – correct actions | Samma Aajeewa – livelihood | Samma Wayama – correct effort | Samma Sathi – correct mindfulness | Samma Samadhi – correct concentration)


Bhikku:
"My Lord, Can you please tell me the fastest way to complete 8 fold path?"


Lord Samma Sambuddha:
"Dear Bhikku, You should complete 4 Satipatthana"
(The Four foundations of awareness or mindfulness which call 01) Kayaanussati - Mindfulness of the body | 02) Vedanaussati - Mindfulness of feelings | 03) Cittaanussati - Establishment mindfulness of mind (or consciousness) | 04) Dhammanussati - Mindfulness of mental objects)




Bhikku:
"My Lord, Can you please tell me the fastest way to complete 4 Satipatthana?"


Lord Samma Sambuddha:
"Dear Bhikku, You should complete 3 Sucarita"
(The Good Conduct in BODY, SPEECH & MIND which gain through by gets rid of 10 defilements. GOOD CONDUCT OF BODY – get rid of 01) Killing / Homicide | 02) Stealing / Theft | 03) Unchastely / Adultery | GOOD CONDUCT OF SPEECH – get rid of 04) False hood / lie | 05) Back bite / being a talebearer (tell someone’s bad things or what they said to others when that person is not around…) | 06) Harsh words/ Churlish words | 07) Nonsense words / jabbering | GOOD CONDUCT OF MIND – get rid of 08) Craving / Desire | 09) Hatred / ill-will | 10) Ignorance)


Bhikku:
"My Lord, Can you please tell me the fastest way to complete 3 Sucarita?"


Lord Samma Sambuddha:
"Dear Bhikku, You should complete Indriya Bawana / Indriya meditation"
(Being awareness in each second of our life for what we grab or catch through our Indriya which we can call ‘senses or abilities’ and being consciousness for what we grab through 5 body parts and mind’ – 1) Eye / Chakku, 2) Ears / Sotha, 3) Nose / Gana, 4) Tongue / Jivha, 5) Body / Kaya, 6) Mind / Mano and get rid of Desire (Raga), Hatred (Dwesha) & Ignorance (Moha) is call Senses Meditation or Indriya Meditation)


So till I explain these each steps one by one with more details, I request everyone to remind the fastest way to attain Nirvana.


Following 01 will get 03 – 03 will give 04 – 04 will give 08 – 08 will give 07 – 07 will give the ultimate 01 & only Nirvana!


May you all understand the path of Nirvana & achieved the ultimate Goal!



ඉක්මනින් නිවන් අවබෝධය ලබන්නේ කෙසේද?


වරෙක එක්තරා භික්ෂුණ්වහන්සේ කෙනෙක් විසින් අප මහා සම්බුදු පියාණන්වහන්සේගෙන් මෙම පැනය විමසූ සේක!


බුදු පියාණන්වහන්සේ විසින් ලබාදුන් පරිපූර්ණ පිළිතුර ඔස්සේ විසදිය හැකි මෙම ඉක්මන් මාර්ගය මතක තබාගැනීමට පහසු ක්රුමයක් පළමුවෙන් සටහන් කිරීමට කැමැත්තෙමි.


එයද බුදු පියාණන්වහන්සේ විසින්ම ප්‍රකාශිත වටිනා ධර්ම කාණ්ඩයකි.


“යමෙක් 1ක් වඩයිද ඒ පුද්ගලයාට 3ක් වැඩේ... ඒ 3 වැඩෙයිද... ඔහුට හෝ ඇයට 4ක් වැඩේ... එම 4 වැඩෙයිද ඒ අයට 8ක් වැඩේ... යමෙකුට ඒ 8 වැඩෙයිද ඒ පුද්ගලයාට 7ක් වැඩේ... ඒ 7 වැඩෙයිද එකක් ලැබේ!


දැන් අප මේ ගැන වඩාත් පැහැදිලිව විමසා බලමු... ඒ සදහා බුදු හිමියන් සහ මෙම ප්රරශ්ණය නැගූ භික්ෂුව අතර පැවති සංවාදය මෙසේ ගනිමු.


භික්ෂූණ්වහන්සේ:
“ස්වාමීණි, ඉක්මනින් විද්යා විමුක්තිය හෙවත් නිවන පූර්ණය කරගැනීමට මාර්ගයක් තිබේද?”


සම්මා සම්බුදු පියාණන්වහන්සේ:
“එසේය මහණෙනි, ඔබ විසින් සප්ත බොජ්ජංග වැඩිය යුතුය”
( 01) සති සම්බොජ්ජංගය, 02) ධම්ම විචය සම්බොජ්ජංගය, 03) ප්රීකති සම්බොජ්ජංගය, 04) පස්සද්ධි සම්බොජ්ජංගය, 05) විරිය සම්බොජ්ජංගය, 06) සමාධි සම්බොජ්ජංගය, 07) උපේක්ෂා සම්බොජ්ජංගය)


භික්ෂූණ්වහන්සේ:
“ස්වාමීණි, සප්ත බොජ්ජංග ඉක්මනින් වඩන්න මාර්ගයක් දේශනා කරන සේක්වා!”


සම්මා සම්බුදු පියාණන්වහන්සේ:
“එසේය මහණෙනි, ඔබ විසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතුය”
(01) සම්මා දිට්ඨි, 02) සම්මා සංකප්ප, 03) සම්මා වාචා, 04) සම්මා කම්මන්ත, 05) සම්මා ආජීව, 06) සම්මා වායාම, 07) සම්මා සති, 08) සම්මා සමාධි)


භික්ෂූණ්වහන්සේ:
“ස්වාමීණි, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඉක්මනින් වඩන්න මාර්ගයක් දේශනා කරන සේක්වා!”


සම්මා සම්බුදු පියාණන්වහන්සේ:
“එසේය මහණෙනි, ඔබ විසින් සතර සතිපට්ඨානය වැඩිය යුතුය”
(01) කායානුපස්සනා, 02) වේදනානුපස්සනා, 03) චිත්තානුපස්සනා, 04) වේදනානුපස්සනා)


භික්ෂූණ්වහන්සේ:
“ස්වාමීණි, සතර සතිපට්ඨානය ඉක්මනින් වඩන්න මාර්ගයක් දේශනා කරන සේක්වා!”


සම්මා සම්බුදු පියාණන්වහන්සේ:
“එසේය මහණෙනි, ඔබ විසින් ත්රිසවිධ සුචරිතය පූර්ණය කල යුතුය”
(01) කාය සුචරිතය - මේ සදහා මෙම අකුසලයන්ගෙන් මිදිය යුතුය 1) ප්රා!ණඝාත චේතනාව මුල්කරගෙන අන් අයට කරදර කිරීම, 2) හොර මැර වංචා තුලින් අන් අයට කරදර කිරීම, 3) කාම මිත්යාරචාරය තුලින් අන් අයට කරදර කිරීම / 02) වාග් සුචරිතය - මේ සදහා මේ අකුසලයින්ගෙන් මිදිය යුතුය 4) බොරුවෙන් අන් අයට කරදර කිරීම, 5)කේළමෙන් අන් අයට කරදර කිරීම, 6) සැඩ බවට පත්වී පරුෂ වචන තුලින් අන් අයට කරදර කිරීම, 7) ප්රරලාඵ හෙවත් හිස් වචන තුලින් අන් අයට කරදර කිරීම / 03) මනෝ සුචරිතය - මේ සදහා මෙම අකුසල ධර්මයන්ගෙන් මිදිය යුතුය 8) දැඩි ලෝභ කමින් අන් අයට කරදර කිරීම, 9) ද්වේශයෙන් අන් අයට කරදර කිරීම, 10)මෝහය නිසා අන් අයට කරදර කිරීම)


භික්ෂූණ්වහන්සේ:
“ස්වාමීණි, ත්රි විධ සුචරිතය පූර්ණය කරගන්න ඉක්මනින් වඩන්න මාර්ගයක් දේශනා කරන සේක්වා!””


සම්මා සම්බුදු පියාණන්වහන්සේ:
“ මහණෙනි, නොපමාව ඉන්ද්රිය භාවනාව වඩන්න!”
(ගෙවෙන හැම මොහොතකම පංච ඉන්ද්රිවයන් වන ඇස, කණ, නාසය, දිව, කය සහ මනස තුලින් ලබාගන්නා සහ ඒවා ඇසුරු කරන දේ පිළිබද මනා අවබෝධයකින් හෙවත් මනා සිහියකින් සිට එම ඉන්ද්රිසයන් තුලින් අරමුණු කරන දේ රාගයට, ද්වේෂයට, මෝහයට හේතුවන්නේදැයි තම සිතින්ම විමසා එය එසේනම් නොපමාව බැහැර කොට ඉන්ද්රීකය සංවරය වැඩීම ඉන්ද්රිිය භාවනාව වේ. නිවන් මග ගමන් කරන ඔබ සැමගේ ප්රහධානතම භාවනාව මෙය වන්නේ නම් නොපමාව සාර්ථකව මෙය වඩන්නේ නම් ඉතා ඉක්මනින් නිවන් මාර්ගය පූර්ණය වී නිවන් අවබෝධයට හේතුවන බව සම්මා සම්බුදුහිමියන් පෙන්වා දුන් ආකාරය මෙසේ ඔබට වැටහෙනවා ඇති.)


එසේනම් මෙම කරුණු එකින් එක විස්තරාත්මක ලිපි පෙලකින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. එතෙක් ඔබට මෙම ඉක්මන් මාර්ගය පහසුවෙන් මතක තබාගත හැකි ක්රෙමයක් දෙමි...


එකක් වඩන්නේ තුනක් ලැබේ, තුනක් වඩන්නේ හතරක් ලැබේ, හතරක් වඩන්නේ 8ක් ලැබේ, අටක් වඩන්නේ 7 ලැබේ, 7ක් වඩන්නේ එකක් ලැබේ එය නිර්වාණයයි!


ඔබ සැමට මෙම මාර්ගය පහසුවෙන් අවබෝධ වී උතුම් වූ ඵලය නොපමාව ලැබේවායි මෙත් සිතින් පතමි!

    Grab the Meaning for Nirvana by being Open Mind!


    Those who really keen on following the path of Nirvana has no gaining through the meaning which is worldly will guide to a better life but with defilements and have reasons to continue this life circle. You and me as the follower of Samma Sambuddha’s real teaching which has the meaning of extramundane (not worldly) and will guide to the Nirvana is what we always should prefer. So let’s expose some popular 2 verses from Dhamma Pada where the meaning to Nirvana helps us a lot!!

    Appamado Amatha padang - Pamado Machchuno padang
    Appamattana Meeyanthi - Ye pamatta yata mata

    Appamado Amatha Padang – Being hurry / mindful for follow the Arya path & attain Nirvana is the eternalness
    Pamado Machchuno padang – Being delay or unconscious to follow the Arya path & attain Nirvana is the deadly path
    Appamattana Meeyanthi – The person who delay to follow the Arya path & attain Nirvana is like a living dead person
    Ye pamatta yata mata – The Person who hurry to follow the Arya path & attain Nirvana is no matter how long he take to achieve Nirvana he or she is the real living person.

    (I’ll explain this with an example; if someone becomes more successful in a short period like 5 years or may be 10 years… or may be 20 years… as same as that person’s wish… still he is like a dead person. He or she is delay like no other… you may think why I said it like that as that person is more successful in a short period by working hard and giving his or her best as their input and get the maximum output… he is like a living dead body as long as he or she doesn’t follow the greatest Arya path to end this life circle… because as long as they are not work out to achieve nirvana and end this life circle they will have to continue this life circle and they will have die countless time… but if one person decide to follow this path and he practice the path without any delay and happen to attain nirvana after 30 years or more even though that person is not a delay person. He or she is the real neither living person as he or she ends this endless life circle and they will not have a birth again nor death. Likewise being delay is NOT count by years… it should be count by how soon you activate your life style to be walk in this Arya path and be safe… so Think Think & think Openly…! Grab the truth and be safe!!)

    Arogya Parama - Santhushteecha Paramang Danag
    Wishwasa Parama gnathi - Nibbanag Paramang Suckang

    Arogya Parama Laba - being get rid of this sickness call endless desire (raga) is the best profit we gain...
    Santhushtheecha paraman danag - The Happiness we gain through the path of Nirvana & after achieving Nirvana is the greatest Wealth we can have...
    Wishwasa Parama gnathee - The Trust for this greatest eight fold path and the result we gain through it is the best relative someone have... Nibbanag Paramang Sukhang - Attain Nirvana which is getting rid of Desire (Raga) / Anger (Dwesha) / Ignorance (Moha) is the perfect peace... comfort!

    (Greatest Lord Samma Sambuddha has explained how we have to suffer from various sickness.. he also said it is impossible to get rid of these sicknesses as long as we prefer existence in this life circle.. he also mentioned only way to being get rid of these sicknesses is following the path to Nirvana and achieving the ultimate goal and finish this life circle and no more sicknesses... SO NOW THINK.. if we take this “Arogya Parama Laba with a meaning of get rid of normal sicknesses which we have to go through in our life time is the best profit we can gain WHAT HAPPEN TO THE TEACHINGS OF OUR GREATEST LORD SAMMA SAMBUDDHA? WILL THIS MEANING MATCH TO THE DHARMA HE SAID? NO!!!!! So grab the real meaning which he describes through all these great verses... Think... Revise... And be open mind to grab these...
    Desire is the endless sickness everyone have in this life circle... that is the main sickness which we have to get rid of… that sickness of Desire cause to all other sicknesses in this life circle… once we get rid of that dangerous sickness call desire we gain the greatest profit.. That is the only profit we can gain… that is the profit for Nirvana… Think… Our Lord Buddha was a happy prince before he leave his kingdom… he had the most comfortable life where he can live happily ever after… but was he happy… if that normal happiness which we gain through these worldly things and world is the greatest wealth then why prince left his comfortable happy life? If that is the truth then why he didn’t go back to the palace after being Samma Sambudda? If he explained that this simple worldly happiness is the greatest wealth someone has why he didn’t stop being Bhikkus & attaining Nirvana where all the princes and other rich people whom lived happily as worldly people? If this described the true meaning why he didn’t guide us to world and this continues this life circle? Why he prefer only Nirvana? Think... Think… these are the things you should argue with your mind and get the best results at the end… these are the things even Lord Samma Sambuddha prefer to argue as they clear your mind to think openly to save yourself…
    He prefer to trust the path to Nirvana… he prefer to trust people those who guide you to end this endless suffering as real Kalyana Mitta… he never ask to trust someone who being trustworthy and keep you stick to the existence in this life circle…Think you will get the answer!
    He prefer only Nirvana… he preferred being free from all these endless flames of existence… so think openly and be hurry!
    Think wisely... Don't sacrifice your valuable human life to ignorant persons!

    නිවන් මග ගමන් කරන ඔබටත් මටත් ලෞකික වූත් සුගතිගාමී වූත් සසර ගමනට සසර දුකට හේතුවන අර්ථයක් තුලින් ලබාගත හැකි සැනසීම කුමක්ද?
    සිතන්න... සම්මා සම්බුදු බුදුපියාණන්වහන්සේ විසින් පෙන්වා දුන් ලෝකෝත්තර වුත් නිවනට හේතුවූත් සසර දුක... සසර ගමන අවසන් කිරීමට උපකාර වන අර්ථ මේ සෑම ධර්ම කරුණක් තුලම ගැබ්වී ඇත... නිවන් සුව සොයන ඔබට මේ ලෝකෝත්තර වුතු නිවනට හේතුවූත් ධර්මය සැනසීම උදාකර දෙත්වා! නිවනින්ම සැනසීමට උපකාර වෙත්වා!

    අප්පමාදෝ අමත පදං - පමදෝ මච්චුනෝ පදං
    අප්පමත්ථාන මීයන්තී - යේ පමත්ථා යථා මථා

    අප්පමාදෝ අමත පදං - අප්රයමාදය අමෘත පදයයි... එනම් අප්ර මාදය තිබිය යුත්තේ නිවන් මාර්ගය උදෙසායි...
    පමදෝ මච්චුනෝ පදං - ප්ර්මාදය මරණය මාර්ගය උදෙසායි...
    අප්පමත්ථාන මීයන්තී - යමෙක් ලෞකික දියුණුව උදෙසා කොතරම් කඩිසර වුවත්... අප්රයමාදව කටයුතු කරමින් සිටියත් හේ ආර්ය මාර්ගයට එළඹ නිවන් මාර්ගය අනුගමනය නොකරන තාක් ඔහු ජීවත්ව සිටින මළමිනියක් වැනිය...
    යේ පමත්ථා යථා මථා - යමෙක් ලෝකෝත්තර දියුණුව උදෙසා කටයුතු කිරීම අරඹා හේ ඵලය හෙවත් නිර්වාණය ලබාගන්නට කොතරම් ප්රටමාදවූවත් එම පුද්ගලයා නියම අප්රමමාද පුද්ගලා වේ. නියමාකාර ජීවිතය සහිත පුද්ගලයා වේ.

    (උදාහරණයකින් පවසන්නේ නම්... යමෙක් ලෞකිකත්වය තුලින් උපරිම දියුණුවට පත්වීමට අවුරුදු 10ක්වැනි සුළු කාලයක් ගතකොට අප්රරමාදව එම දියුණුව අත්පත් කරගනී. එහෙත් එම පුද්ගලයා ආර්ය මාර්ගය පූර්ණය කොට උතුම් නිවන් ඵලය ලබාගැනීමට කටයුතු කරගන්නේ නැත... එම පුද්ගලයාට අනිවාර්යෙන්ම මරණයට පත්වෙමින් මෙම සසර ගමන දිගින් දිගටම අනන්ත දුක් විදිමින් ගත කිරීමට සිදුවේ. එහෙත් යමෙක් ලෝකෝත්තර ඵලය හෙවත් නිවන් ඵලය ලබාගැනීමේ අපේක්ෂාව ඇතිව වසර 30ක් හෝ ඊටත් වඩා දීර්ඝ කාලයක් ආර්ය මාර්ගය පුරමින් සිට නිවන් ඵලය අවසන ලබයි නම් ඒ පුද්ගලයාට මරණයක් නැත... මේ සසර ගමන එතනින්ම අවසන් කරන ඔහුට යලි උපතක් නැත... යලි මරණයක්ද නැත... අනන්ත සසර දුකද එම පුද්ගලයාට නොමැත... එනිසාම එම පුද්ගලයා අප්රසමාදව තම සැනසීම උදාකරගත් අයෙක්වේ. එනිසා සිතන්න... ප්රයමාදය හෝ අප්රරමාදය කාලය මතින් මැනීම නතර කොට තමන් නිවන් මාර්ගයට පිවිස ඇති අප්ර මාදී පුද්ගලයෙක්ද නැතිනම් තවමත් ලෝකයත් එම ලෞකික අශාවන් පිනවමින් එහිම ඇලී සිටින ජීවත්ව සිටින මලමිනියක්ද යන වග ඔබම සිතන්න... සිතන්න... විවෘතව සිතා අප්රරමාදී වෙන්න!)

    ආරෝග්ය්යපරමා ලාභා - සන්තුට්ඨිපරමං ධනං
    විස්සාසපරමා ඤාතී - නිබ්බාණං පරමං සුඛං

    ආරෝග්යාප පරමා ලාභා - යමෙකුට ලගා කර ගත හැකි එකම උපරිම පරම ලාභය මේ අනන්ත සසර තුල අනන්ත ලෙසින් ගොදුරු වන කාම රෝගයන්ගෙන් සුවපත් වීමයි.
    සන්තුට්ඨිපරමං ධනං - යමෙකුට ලගා කරගත හැකි එකම උපරිම පරම ධනය තමන්ට ඒ රෝගය සුව කරගැනීමට හැකි බව දැනීමත් දුකින් මිදීමට ගමන් කල යුතු මාර්ගයක් ඇතිබව දැනීමත් දැන ලබන සතුටයි.
    විස්සාසපරමා ඤාතී - එම අනන්ත දුකින් රෝගයන්ගෙන් මිදීමට ගමන් කල යුතු මාර්ගයත් ඒ මාර්ගය පෙන්වන කළ්යා ණ මිතුරන් ගැන විශ්වාසය තබන්න...ඒ විශ්වාසය තමන්ට සිටිය හැකි එකම ඤාතියායි.
    නිබ්බාණං පරමං සුඛං - මේ සියලු කාමරෝගයන් සුවපත් කොට අවසන ලබන නිවන් සුවය යමෙකුට ලැබිය හැකි එකම උපරිම පරම සුවයයි.

    (මේ අනන්ත සසර දුකින් මිදිය යුතු බවත් මේ සසර තුල ගමන් කරන තාක් සියලු දෙනාටම තමන් කැමති වුණත් නැතත් ලෙඩදුක් වලට පත්විය යුතු යුතුම වන බවත් එම ලෙඩ දුක් වලින් මිදීමට ඇති එකම මග එම ලෙඩ දුක් ඇතිවීමට හේතුව වන භව ගමන සසර ගමන නවතා දැමීම ලෙස පෙන්වා දුන් අප මහා සම්මා සම්බුදු රජාණන්වහන්සේ
    “මේ සියලු සත්වයන්ට නිතර හැදෙන රෝගයන්ට ගොදුරු නොවීම හෙවත් ලෙඩ නොවී සිටීම හෙවත් නිරෝගීභාවය පරම ලාභයයි” ලෙස දෙසුවේ නම් එහි ධර්මයට ඇති ගැලපීම කුමක්ද? සිතන්න... ධර්මයට බහා බලන්න! ආරෝග්යාහ පරමා ලාභා යන්නට ඉහත සදහන් කල ආකාරය බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන් නිවන් මාර්ගයට ගැලපෙනවා නොවේද? සිතන්න... විවෘතව සිතන්න!
    අප මහා සම්බුදු රජාණන්වහන්සේ විසින් සැබෑ සතුට ලැබිය හැකි එකම මාර්ගය නිවන් මාර්ගය ලෙස පෙන්වා දුන් සේක! ලෞකික වශයෙන් යමෙක් තමන් නීරෝගීයි යැයි උදම් අනමින් නීරෝගී දිවිපෙවතක් ගත කරන්නේ නම්... සැමවිටම සතුටු සිත් ඇතිව මේ ලෝකය දෙස සතුටු සිතින් ඇලෙන්නේ නම් ඔහුට මේ සසර දුකින් මිදිය හැකිද? එය බුදු පියාණන් වහන්සේ දෙසූ ධර්මයට ගැලපෙන්නේද? සිතන්න... විවෘතව සිතන්න!
    උන්වහන්සේ විසින් විශ්වාසය තැබිය හැකි එකම පුද්ගලා ලෙස තමන්ට අනන්ත දුකින් මිදීමට උපකාරවන ඒ සදහා මාර්ගය පෙන්වා දෙන ඒ මාර්ගයෙහි ගමන් කිරීමට උපකාරවන කළ්යාවණ මිතුරන් කව්රුන්දැයි දේශනා කලසේක! ලෝකයම යහපත් ලෙසින් පෙන්වමින් පැවැත්ම තුල පැවතීමට උපකාර කරමින් විශ්වාසවන්තව කටයුතු කරනවා යැයි මවාපාන පෘතග්ජන පුද්ගලයින් තමන්ව තව තවත් මුලාවේම අලවමින් අනන්ත දුකකට මග පාදන්නේ නොවේද? එසේනම් තමන්ගේ ඥාතියා විය යුත්තේ කව්රුන්ද යැයි ඔබම සිතා තීරණයකට එළඹෙන්න අවස්ථාවයි මේ!මේ සියලු දාහ ගිනි නිවා දමා ලබන සුවය හෙවත් නිවන් සුවයට සම කල හැකි වෙනත් සුවයක් නොදකිමියි බුදු හිමියන් පෙන්වා දුන් සේක! “ඒතං සන්තං - ඒතං පණීතං... යදිදං සබ්බ සංඛාර සමථෝ... ආදී ලෙසින් සියලු ගිනි නිවෙන තැනෙහි ඇති සුවය අත්වීදිම තුලින්ම පෙන්වා දුන් උන්වහන්සේ ඒ මග යන ඇත්තන් හටද නිබ්බාණං පරමං සුඛං ලෙස යලිත් අවස්ථාවක පෙන්වා දුන් සේක!

    ඔබ ඔබව තවත් අයෙකුට පවා නොදෙන්න... ඔබ ඔබටම අවංක වන්න... ඔබ ඔබටම වඩාත් ගැලපෙන්නේ කුමක්ද යැයි සිතා බලන්න... එය නිවන නම් නිවනට උපකාර වන ධර්මය ඇති තැන් සොයන්න... හමුවූ විට ඒ ගැන තමන්ගේම නුවණින් විමසන්න... සම්මා සම්බුදු පියාණන්වහන්සේ අප අසල කයින් නොසිටියත් උන්වහන්සේගේ අනන්ත ගුණ ආශිර්වාදයත් උන්වහන්සේ දේශනා කල ධර්මයත් තවමත් අප අතර මේ විශ්වයේ ඇත... එය වඩ වඩාත් සැගවී යන්නට ආසන්නය... එනිසාම ප්රේමාද නොවන්න... ලෝකෝත්තර වූත් නිවනට හේතු කාරක වූත් සසර අනන්ත දුක අවසන් කර සසර ගමන අවසන් කිරීමට හේතුවන අර්ථය අප අතර ඇති සෑම දෙයකම සැගවී ඇත... එය මතු කරගන්න... යමෙක් පෙන්වා දෙනවා නම් එකවර ඉවත දාන්නේවත්... එකවර තමන් නතු කරගන්නේවත් නැතුව එය කොතරම් දුරට ධර්මයට ගැලපෙනවාදය යන්න සිතන්න... බුදු හිමියන් පැවැත්ම උදෙසා ධර්මය දේශනා කලේ නම් උන්වහන්සේ නිවනම සුවයි නිවනම ප්රමණීතයි... නිවනම ශාන්තයි.. ලෙසින් නිවනෙහි ඇති අනර්ඝත්වය ගැන අපට දේශනා කලේ මන්ද ලෙස සිතා බලන්න... උන්වහන්සේ පැවැත්ම යහපත්නම් සැනසීම්දායකනම් ඒ ගත කල අධික රජ සැප අත්හැර නිවනක් සොයන්නට උත්සාහ ගත්තේ නොවේද එසේනම් මේ පැවැත්ම තුල අපට පෙනෙන නොපෙනන අවුලක් තියෙනවාමයි නේද යන්න සිතා බලන්න! අප්රිමාදීව සසර ගිනි නිවාගන්න!
    May all worlds all beings attain NIrvana!