නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, August 11, 2009

PRACTICE CORRECTLY AND ACHEIVE TRUE POWER!


The 9 greatest qualities of Lord Buddha! Divide the words like this... because if you attache the words in the first line like "ITHIPISO BHAGAWA" it is the best way to curse lord buddha... then how you will get the blessings of him? So when you divide the words like "ITHIPI - SO BHAGAWA" say that the greatest Buddha is like... then the 9 qualities as shown...! The 9 qualities are described in many books and many places. But the truth is these 9 qualities are ETERNAL! We can't describe them simply one by one that they are like this they are like that... because Buddha him self once said; if he started to describe one of these qualities without doing others works he will NOT be able to finish explaining it through his life time! And also he said if you got scared or if you feel like need help through something or someone simply whisper these 9 quaities of Buddha with pure heart! These qualities are eternal! Give the true respect through your pure thoughts & mind! May you get Buddha's blessings every step you step ahead!
ITHIPI - SO BHAGAWA
ARAHANG
SAMMA SAMBUDDHO
WIJJA CHARANA SAMPANNO
SUGATHO
LOKAVIDU
ANUTHTHARO PURISADAMMA SARATHI
SATHTHA DEVA MANUSSANAG
BUDDHO
BAGHAVATHI! 
This is something you can practice as a meditation. Meditate by memorizing how eternal are these qualities... and how greatly you are bless with these qualities.. then ultimatly these qualities will clear all the black rays which collected through defilements in you body and you will feel it greatly that you are getting cleared while meditating... This is perfectly work for those who are with the most belief and a great compassion to lord Buddha. May you guide to the greatest Nirvana through Buddha's blessings!


මෙතෙක් කල් පුරුදු කල නව අරහාදී බුදුගුණ ගාථාව නිවැරදිව ගැයීමට ආරාධනා!! 
අපි නවඅරහාදී බුදු ගුණ සජ්ඣායනා කරන විටදී බොහෝම ඉක්මනට වචන ගැලපීමකින් තොරවම එක දිගටම කියාගෙන යනවානේ... ඒ තුලින් සිදුවන අනර්ථයක් තිබෙනවාද කියලාවත් අප සොයා බලන්නට විමසන්නට යොමුවුණේ නැත්තේම වචන කීපයක් එකට එකතු වුණා කියලා මොන වරදක් වෙන්නද කියලා හිතෙන නිසානේ... 
ඒත් ඉතින් නවඅරහාදී බුදු ගුණ තුලින් නියමිත ලෙසින් ආශිර්වාදය ගන්නට හැකි නම් අපට කොතරම් වටිනවාද නේද?  ඒ නිසා මෙතෙක් කාලයක් එතරම් උනන්දුවක් නොදක්වපු එහෙත් අප විසින් විමසා නුවණින් වටහාගත යුතුම කරුණක් ඉදිරිපත් කර දක්වන්නට තමයි මේ සූදානම.
පොඩ්ඩක් හිතලා බලන්න “බෙනේක නයෙක්!“ කියන වචන දෙක යමෙකුට පවසන විට ඔබ "ක" යන්න අනෙක් පසට දමා පැවසුවොත් එය ශබ්ද වෙන්නේ "බෙනේ කනයෙක්" හෙවත් බෙනේ “කනයා“ යන මාළුවෙක් යන අර්ථයයි.  ඒත් අවුල වෙන්නේ “කනයා“ අල්ලන්න හිතාගෙන බෙනයට අත දැමු විටයි... මොකද ඇත්තටම එහි හිටියේ කනයෙක් නෙවේ නයෙක් නිසා...  ඉතින් "ක" යන තනි අකුරක් වුණාට එය යම්තම් එහා මෙහාවීමෙන් අර්ථය සහමුලින්ම වෙනස් වන අන්දම පහදා ගන්නට බුද්ධිමත් ඔබට පුළුවන් නේද?
ඉතින් අන්න ඒ වගේ “ඉතිපි සෝ භගවා“ ලෙසින් ආරම්භ කරන නවගුණ පාඨයේ අර්ථය වෙන්නේ “ඒ භාග්‍යවතුන්වහන්සේ“ කියන අදහසයි... ඒත් ඉතින් මේ “ඉතිපි - සෝ - භගවා“ ලෙසින් ඇති වචන එකක් කරලා අපි බොහෝම කලබලෙන් කියන්නේ “ඉතිපිසෝ භගවා“ කියලයි නේද?   
දැන් ඉතින් අදහස වෙනස් වෙනවා... කලින් වචන 3 වෙන් වශයෙන් ඇතිවිට බොහෝම සරල “ඒ භාග්‍යවතුන්වහන්සේ“ කියන අර්ථයක් දුන්නට මේ වචන ටික එකට “ඉතිපිසෝ භගවා“ කියලා කිව්වම දෙන අර්ථය නම් එතරම් සුදුසු නෑ... එයින් කියැවෙන අදහස වෙන්නේ “ඉෂ්ඨත්වය පිස දැමූ භාග්‍යවතුන්වහන්සේ“ කියන අදහසයි... 
අකුරකට වුනත් කරන්න පුළුවන් දේ බොහෝමයි... ඉතින් මෙතෙක් කාලයක් "ඉතිපිසෝ භගවා" යැයි ආරම්භ කර ගැයූ නව අරහාදී බුදු ගුණ තුලින් අප ඇත්තටම බුදු පියාණන් වහන්සේහට වර්ණනාවකට වඩා හැකි උපරිමයෙන් අපවාද කරඇති බව නම් පැහැදිලි කරගන්නට හැකියි නේද? 
එලෙසින්ම අප මෙතෙක් කල කුඩාකල සිටම පුරුදු පුහුණු කල බුදු ගුණ ගැයීමේදීද "සෝ" යන අකුර වැරදි ලෙස දමා බුදු පියාණන්ට සාපයක් කර ඇතිවාට සැකයක් නම් නෑ...! ඉතින් ත්‍රිපිඨකය එහෙම ඇසුරු කරනවා නම් ඔබට මේ අකුර බොහෝම පැහැදිලිව මැදිව වෙන් වෙන්ව තිබෙනවාත් දැකගන්නට හැකිවේවි.... මෑත කාලයේ පොත් පත්වල තමයි ඉතිපිසෝ කියලා තනි වචනයක් ලියලා තියෙන්නේ... ඉතින් “ඉතිපි සෝ භගවා“ ලෙසින් අපූරුවට වෙන් කරලා තිබුණ වචන කීපය එකතු කරන්නට ඇත්තේ නම් එහි අදහස තුලින් වන අර්ථ විපරීතවයත් එයින් සිදුවන අනර්ථය ගැනවත් අවබෝධයක් ඇති කෙනෙක් නම් වෙන්නට අපහසුයි... 

කව්රු කොහොම විකෘති කලත් තම තමන්ට යහපත සලසා ගන්නට තම තමන් බුද්ධිමත් විය යුතුයි.  නැතිනම් විනාශය වෙන්නේ තමන්ටමනේ...
ඒ වගේම තමයි මේ නවඅරහාදී බුදුගුණ එක් එක් ගුණ වශයෙන් ගෙන විවිධ පොත්පත්වල මේ මේ යැයි විස්තර කොට තිබුණද එය කරන්නට පුළුවන් දෙයක් නම් නොවේ... බුදු ගුණ අනන්තයි! බුදු පියාණන්වහන්සේ විසින්ම වරෙක දේශනා කරලා තිබෙනවා මේ එක් බුදු ගුණයක් ගෙන එය විස්තර කිරීමට පටන්ගෙන ඒ අතර මැද දී අවශ්‍යම කටයුතු සදහා පමණක් එම විග්‍රහය නවත්වා එය මාගේ මුළු ජීවිත කාලයම කරගෙන ගියත් එය විස්තර කොට මෙතකැයි කියා අවසාන කල නොහැකියි කියලා.  ඒ නිසාම බුදු ගුණ අනන්ත ලෙස සිතන්න! “අරහං“ වන සේක නම් එය “අරහං“ වන සේකමැයි!.... “සම්මා සමබුදු“ වන සේක නම් එය එසේමැයි... වචන ලෙසින් හෝ මේ මේ නිසාවෙන් හෝ යැයි පවසමින් ඒ අනන්ත බුදුගුණ සීමා නොකරන්න වග බලාගන්න එක බුද්ධිමත් ඔබගේ යුතුකමක්. එය එසේ අනනන්ත වීමට දෙන්න! එසේනම් අද සිටම උන්වහන්සේගේ නව අරහාදී ගුණ වල නියම ආශිර්වාදය ගුණය අත්විදීමට මෙලෙස පුරුදු පුහුණු කරන්න! නියම බෞද්ධයෙකු සේ උන්වහන්සේට ගෞරව කරන සේක්වා!
 
"ඉතිපි - සෝ භගවා (ඉෂ්ඨ වූ ප්‍රිය වූ ඒ භාග්‍යයවතුන්වහන්සේ...)
අරහං
සම්මා සම්බුද්ධෝ
විජ්ජා චරණ සම්පන්නෝ
සුගතෝ
ලෝකවිදූ
අනුත්තරෝ පුරිසධම්ම සාරථී
සත්ථා දේව මනුස්සානං
බුද්ධෝ
භගවා තී!!”
ඔබට භාවනා කිරීමටත් මෙම අනන්ත බුදුගුණ යොදාගත හැක. එවිට ඒ ඒ ගුණ තුලින් ඔබ තුල ඇති කළු කිරණ හෙවත් අහිතකර ගුණ ඉවත්වී කය මන පිරිසිදු වන අයුරු ඔබටම අත්විදිය හැක. මෙය බුදු පියාණන්වහන්සේ කෙරෙහි දැඩි ශ්‍රද්ධාවකින් පසුවන්නන් හට ඉක්මන් ඵල අත්විදිය හැකි භාවනා ක්‍රමයකි! අනන්ත වූ බුදු ගුණ තුලින් නිර්වාණ අවබෝධයට කටයුතු සලසා ගනිත්වා!

No comments: