නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, April 11, 2011

Let’s get rid of the 9 factors! / මිදිය යුතු නවවිධ ආගාධ වස්තු!

1 - Spoiling mind by thinking this person or these persons did injustice / wrong for me.

2 - Spoiling mind by thinking this person or these persons are doing injustice / wrong for me.

3 - Spoiling mind by thinking this person or these persons will do injustice / wrong for me.

4 - Spoiling mind by thinking this person or these persons did injustice / wrong for my friend.

5 - Spoiling mind by thinking this person or these persons are doing injustice / wrong for my friend.

6 - Spoiling mind by thinking this person or these persons will do injustice / wrong for my friend.

7 - Spoiling mind by thinking this person or these persons did justice / good for my enemy.

8 - Spoiling mind by thinking this person or these persons are doing justice / good for my enemy.

9 - Spoiling mind by thinking this person or these persons will do justice / good for my enemy.
These are the “Nine factors” which cause to the self-destruction. And there are many people among us who have these factors with them… as long as someone with these factors that person always want to fight with others, full of worries, full of sufferings & anger covers his / her mind. They are always with the spoiled mind and with doubt about others. Such a spoiled mind automatically guides one to the self-destruction.
They can’t achieve any peace to their mind and always with loads of troubles and they are losing their health as well as the wealth. So the wise person always knows what to get rid of and what to be with. If you are a wise person this little note will be helpful for you to guide your life to the betterment. If you are a wise person and at least have tiny level of intelligence you will be able to recognize these factors within you and you will be able to get rid of them by identifying them.
May all intelligent beings get courage to discipline mind, body & words from the nine factors which cause to 
self – destruction and may triple gem bless you all 
for the best!

1 - මොහු හෝ ‍මොවුන් මට අවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
2 - මොහු හෝ මොවුන් දැන් මට අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම

3 - මොහු හෝ මොවුන් මට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම

4 - මොහු හෝ මොවුන් මගේ හිතවතාට ඇවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කරගැනීම

5 - මොහු හෝ මොවුන් මගේ හිතවතාට දැන් අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම

6 - මොහු හෝ මොවුන් මගේ හිතවතාට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම

7 - මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම

8 - මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම

9 - මොහු හෝ මොවුන් මගේ හතුරාට මතු හොඳ වැඩක් කළ හැකියි හිත දූෂ්‍ය කරගැනීම
මේ තියෙන්නේ නව විධ ආගාධ වස්තු... ඒ කියන්නේ අපිව විනාශයට පත්කරන අපව අගාධයකට පත්කරන්නට හැකි කරුණු 9ක් තමයි මේ තියෙන්නේ... ඉතින් අප අතර මෙම ආගාධ වස්තු පිරිවරාගත් පිරිස බොහෝමයක් සිටිනවා. මේවායෙන් හිත දූෂ්‍ය කරගත්ත පුද්ගලයා හැම තිස්සේම ඉන්නේ සැකයෙන්, භයෙන්, දුකෙන්, අසහනයෙන්... හැම තිස්සේම අන් අය සමඟ ගැටෙන්නට තමයි බලන්නේ... හැම තිස්සේම උත්සාහ කරන්නේ අන් අය තමන්ට හෝ තමන් කැමැත්තෙන් බැඳී ඇසුරු කරන සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තුවකට හෝ අවැඩක් අසාධාරණයක් කරනවා කියලා සිතමින් ගැටෙන්නට... ඉන් නතර නොවී තමන්ගේ හතුරාට තමන් අකමැති පුද්ගලයා සමඟ එකතු වෙලා ඔවුන්ට හොඳක් කරනවා කියලා සිතා සිතා ගැටෙනවා... ඉතින් කොයින්ද සහනයක්?
මෙලෙස සිතමින් සිත දූෂ්‍ය කරගන්නා පුද්ගලයා අගාධයට පත්වී විනාශ වීම අහන්නත් දෙයක්ද? ශරීර සෞඛ්‍ය මෙන්ම ධනයෙන්ද පිරිහීමට පත්වෙනවා... අසහනයෙන් මිරිකෙමින් අන්ත දුකට පත්වෙනවා පමණක් නොවේ මරණින් මතුද දුගතියටම පත්වෙලා දුකට පත්වෙනවා.
ඉතින් යමෙකුට අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමක් වේ නම් මේ පුංචි සටහන ඇති නුවණින් විමසා මේවායෙන් තම තමන්ට සිදුවන අවැඩ හඳුනාගෙන ඒවායෙන් මිදෙන්නට... හැකිතාක් මිදී සිටීමට උත්සාහ කිරීම නුවණැත්තාගේ වගකීමකි. ඔබත් නුවණැත්තෙක් නම් තමන් තුල ඇති මෙම ආගාධයට හේතුවන කරුණු හඳුනාගෙන එයින් මිදී තමාව අනන්ත දුකෙන් මුදවාගන්නට තමන්ගේ ගැලවුම්කාරයා වීමට සිත, කය, වචනය මෙහයවන්නට ධෛර්ය ලැබේවා! 
තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!

2 comments:

අස්සජි හාමුදුරැවෝ said...

සබ්බදානං ධම්මදානං ජිනාති.....ධර්මකාමී සතහට දහම් අවකාශයක් සකස් කළ ඔබට තෙරුවන් සරණයි

Viduransi said...

තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,
බොහෝම ස්තූති! ඔබවහන්සේටත් ඉක්මනින්ම සසර දුක් කෙලවර කොට අමා මහ නිවනේ ශාන්තිය ලැබගන්නට හැකිවේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි!
තෙරුවන් සරණින් නිවනම වෙත්වා!