සත්ධර්මය ගැඹුර අත්දකින තරමින්
යමෙකුගේ සිත පැහැදෙන්නේ ඒ උතුම් තෙරුවන කෙරෙහිමයි...
තමන් තුල පවතිනා මායා මුලාව විද බලන සැමවිටම
යමෙකු පැහැදෙන්නේ බුදු හිමියන් කෙරෙහිමයි...
යටිකුරුව ඇති බදුන උඩුකුරුව යන්නාසේ
ඝනදුර මකාගෙන ආලෝකය ලැබෙන්නා සේ
ධර්මය තුලින් මායාව දකින විට
යමෙකු පැහැදෙන්නේ බුදු හිමියන්ගේ මහා කරුණාවටමයි...
ධර්මය තුලින් බුදු හිමි දකින විට
අවිද්‍යා දුරලමින් විද්‍යාව නැගෙන විට
යමෙකු පැහැදෙන්නේ තෙරුවන කෙරෙහිමයි...
මහා ප්‍රඥාවෙන් ලෝකය විවර කල
ඒ ලෝකයේ තතු ධර්මය ලෙසින් විවර කල
ඒ තතු දැන හැදින ඒ ලෝකයෙන් මිදුන
බුදුන් දම් සඟුන් යනු ලොව දුලභ රත්නයන්ම බව
දැනෙන්නේ එවන් වූ සිතකටමයි...

“මම දහම් දන්නවා... මම මෙතෙක් අත්දකිනවා...
බුදු දහම මෙයමයි... “
කොතරම් නම් සරල... මතුපිටින් පොත්තක්...
ධර්මය ලෙසින් හැදින...
අල්ලාගෙන ලෝ දනා පොරකයිද....
නිදන් සොයන්නට ගිය සොරකු
සටහන වැරදිවූ මං ලකුණු ඇති සිතියමක් ලැබ...
නිදානය ලැබුණා යැයි සතුටු වන්නේ යම් සේද...
ගැඹුරු දම් නුදුටු සිත සරල දම් රැගෙන
තුටු වෙන්නේ එලෙසමයි...
දැන හැදින මේ මමත්වය...
ධර්මය තුලින් යමෙකු “මම“ දකී නම්
අරිහත්වය අත්දකින තෙක්
පුරසාරමට ලාභ සත්කාරයට
ප්‍රශංසා කීර්තියට නොම දෙයි ඉඩ සිතට...
අන්ධයන් සේ පය ගැටෙන රත්නයට පයින් නොම ගසා
ලැබ ඇති දුර්ලභ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා
අප්‍රමාදීව උතුම් වූ තෙරුවනට සිත යොමා
ලැබගන්න අසීමිත සැනසීම සැබෑම නිදහස විමුක්තිය!
No comments:
Post a Comment