නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, December 12, 2022

To the Truth - සත්‍ය දැකීමට


I recently received an old video from a friend. It’s a very interesting video about the Scientifical explanation about how our five senses are working. It’s an interview of World Science Festival – 2019 held with the participants; Ms. Christine Constantinople, Mr. Donald Hoffman, Mr. Stavros Lomvardas, Mr. Beau Lotto, Mr. Anil Seth with the moderator Ms. Elizabeth Vargas.

So, I thought about sharing it with you all, through this article, with an important message to keep in mind when you search for the purest Buddhist Teachings.  

Understand the difference between the truths we identify as the truth and the actual ultimate truth.  Because that confusion leads you to misunderstand Buddhist Teachings for something which is not.  The result is that you ended up in just another invisible prison by believing that you are liberated.  If you seek for the actual liberation then your search should be for actual eternal the one & only truth.  

Have a blessed time with another short explanation of “Nirvana Dhamma”!

Read the Full Article - www.nirvanadhamma.com!


දහම් කැමති මිත්‍රයෙක් විසින් මෑතක දී බෙදා ගන්නට යෙදුන අපූරු වීඩියෝවක් තුලින් මෙම ලිපිය සටහන් තබන්නට හිතුණා. අපගේ ඇස, කණදිවනාසය, කය ක්‍රියාත්මක වන ආකාරය ගැන නවතම විද්‍යාත්මක සොයා ගැනීම් තුලින් සිදු කල කතා බහක් තමයි ඒ වීඩියෝවේ අන්තර්ගත වෙන්නේ.  2019 වසරේ “ලෝක විද්‍යා උළෙල (World Science Festival)” වෙනුවෙන් Ms. Christine Constantinople, Mr. Donald Hoffman, Mr. Stavros Lomvardas, Mr. Beau Lotto, Mr. Anil Seth සහ Ms. Elizabeth Vargas. යන පිරිස එකතුව සිදු කල කතාබහක්.    

එම වීඩියෝවේ සඳහන් කාරණා සමඟින් අප විසින් තථාගත සත්ධර්මය විමසීමේ දී සිහි තබා ගත යුතු වැදගත් කාරණා කිහිපයක් කෙටියෙන් විග්‍රහ කර ගන්නට මෙම සටහන තුලින් කටයුතු කරමු!

අප ඇත්ත යැයි විශ්වාස කරන ඇත්ත සහ ඇත්තටම ඇත්ත අතර වෙනස වටහා ගැනීම ඉතාමත් වැදගත්.  නැත්නම් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ඇත්තටම ඇත්ත ගැන පවසන බුදු දහම සේ වෙනත් වූ දෙයක් හඳුනා ගෙන පටලවා ගැනීමයි.  විමුක්තිය යැයි සිතා ගෙන... නිදහස් වූ වා යැයි සිතා ගෙන... නිවන් දුටුවා යැයි සිතා ගෙන... තවත් නො පෙනෙන සිර ගෙයක... තවත් එක් පැවැත්මක ම සිර වීම තමයි ඉන් සිද්ධ වෙන්නේ.  ඉතින්, ඔබ අවංකව ම, සැබෑවට ම, සැබෑ ම විමුක්තියක් සොයනවා නම් අතර මඟ තවත් එක් සත්‍යයේ වේශයෙන් ලැබෙනා බොරුවකට ඇත්ත යැයි රැවටී සතුටු වෙන්නේ නැතිව, සැබෑ ම සත්‍ය ගවේෂණය කරන්නට ප්‍රඥාවන්ත වෙන්න.  

මෙම කෙටි “නිර්වාණ ධර්ම”  විග්‍රහය ද පෙර නො ඇසූ විරූ දහම් හි ගැඹුර දැන දැක සැබෑ විමුක්තිය ට පත්වී ම පිණිස නිවැරදි මඟ හඳුනා ගැනීමට අංශු මාත්‍ර හෝ රුකුලක් ම වෙත්වා!!!

සම්පූර්ණලිපිය කියවන්න - www.nirvanadhamma.lk!


No comments: