නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, June 21, 2013

නින්දා ප්‍රශංසා හමුවේ...

තමන් යමක් කියන විට අසන්නා විසින් ඇලීමට පත්වෙලා වර්ණනා කරනවා නම් හෝ ගැටීමට පත්වෙලා අපහාස උපහාස චෝදනා කරනවා නම් හෝ කලබල වෙන්න එපා. මදක් ඉවසන්න... සිතා බලන්න... නුවණින් විමසා බලන්න. මේ අවස්ථා දෙකේදීම ඒ පුද්ගලයා විසින් කටයුතු කරන්නේ මේ මේ හේතු නිසාවෙන් විය හැකියි. 

ඔබ කියූ කරුණ නිවැරදි නිසාවෙන් එය අවබෝධ වෙලා යහපත උදාකරගෙන වර්ණනා කරනවා විය හැකියි.  එසේත් නැතිනම් කරුණ නිවැරදිවුවත් එය අවබෝධකරගැන්මට නොතේරෙන බැවින් නොදැනුවත්කම නිසාවෙන් ගැටීමට පත්වෙලා නින්දා කරනවා විය හැකියි.

ඔබ කියූ කරුණ වැරදි වුවත් නොගැලපෙන වුවත් සුදුසු නැති දෙයක් වුවත් අසන්නාට එහි වරද නොතේරෙන නිසාවෙන් එය තේරුම්ගත්තේ නිවැරදි දෙයක් නිසාවෙන් ඒ පුද්ගලයා එය වර්ණනා කරනවා විය හැකියි.
ඇත්තටම ඔබ කියන කරුණ වැරදිවූත් නොගැලපෙනවූත් සුදුසු නැතිවූත් කරුණක් වීම නිසාවෙන් එය තේරුම් ගත්ත අයෙක් ඔබට එහි වරද පෙන්වා දෙනවා විය හැකියි. 

අසන්නා විසින් ඔබව පුද්ගලයෙක් වශයෙන් ප්‍රිය කරන නිසාවෙන් ඔබ කියන සෑම දෙයකටම ඇලීමට පත්වෙලා වර්ණනා කරනවා විය හැකියි. එසේත් නැතිනම් පුද්ගලත්වයෙන් තමන් තුල ඇති අකමැත්ත අප්‍රසාදය නිසාවෙන් එය පිලිගැනීමේ අකමැත්තක් තමන් තුල තියෙන නිසාවෙන් ගැටීමට පත්වෙලා විය හැකියි. 

ඉතින් වර්ණනා කරන විට හෝ වේවා නින්දා කරන විට හෝ වේවා කලබල වෙලා ඉවසීම නැතිකරගෙන ඇලෙන්නට හෝ ගැටෙන්නට කටයුතු කරනවා නම් ඔබට තවමත් ධර්මයෙන් ගත යුතු දෑ බොහෝමයි. ඔබට නිවීමක් පිණිස සැබෑම අතහැරීමක් පිණිස ප්‍රඥාව පූර්ණය කරගැනීම පිණිස කරගත යුතු දෑ බොහෝමයි. 

යමෙක් ඔබව හෝ ඔබ කියන කරන දෙයක් වර්ණනා කරනවා නම් එය සැබෑවටම වර්ණනාවක් නොවීමටත් යමෙක් ඔබව හෝ ඔබ කියන කරන දෙයක් නින්දාවට අපහාසයට උපහාසයට ලක්කරනවා නම් එය සැබෑවටම නින්දාවක් අපහාසයක් උපහාසයක් නොවීමටත් පුළුවන් වෙන්නේ මේ නිසායි. ඉතින් මම නිතර කියනවානේ හොද ඇත්තටම හොද නෙවේ නරක ඇත්තටම නරක නෙවේ කියලා. 

තර්ක විතර්ක වාද විවාද මේ සෑමදෙයක්මත් අවසානයේ හරයක් සොයන අදහසින් කෙසෙල් කොටයක් කැපුවා හා සමානයි යන්න නිතර සිහි තබාගෙන රාගයෙන්, ද්වේශයෙන්,  මෝහයෙන් යුතුව සිදුකරන්නා වූ සියලු සිතුවිලි, ක්‍රියා, වදන් හෙවත් සංකාර කෙසෙල් කඳක් වැනියි යන උපමාව සිත්හි තබාගෙන ඒ අනුව තමන් කියන කරන සිතන දෑ තෝරාබේරාගෙන අතහැරීමට මිදීමට නොඇලීමට පත්වීමට බුද්ධිමත් වෙන්න. 

තමන් කියන, කරන, සිතන දේට ලැබෙන ප්‍රතිචාර කුමක් වුවත් ඔබ ඒ ප්‍රතිචාර හමුවේ ගන්නා ක්‍රියාමාර්ගය, කියනා වදන්, සිතනා සිතුම් ඔබට හානියක් පිණිස අහිත පිණිස පැවැත්ම පිණිස බොහෝ දුක් රැසක් පිණිස හේතුවන්නට විය හැකි නිසාම නින්දා ප්‍රශංසාහි යථාර්ථය තේරුම්ගෙන කම්පානොවන මනසක් ඇතිකරගන්නට උත්සාහ දරන්න.  එය ලෞකික ලෝකෝත්තර දෙආකාරයෙන්ම සහනයක් සැනසීමක් දියුණුවක් ශාන්තියක්ම ලබාදේවි.

ධර්මය නිසි ලෙසින් ප්‍රයෝජනයට ගන්නට සැමවිටම උත්සාහ කිරීම ඔබගේම යහපත පිණිසම හේතු වේවි!! ඔබ සැමට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

No comments: