“ගැහැවි, තෙල එසේ මැයැ.
ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, මේ කය රෝග ඇත්තෙක් මැයැ (දුබල බැවින්) බිජුවටක් වැන්න, සියුම් සිවියෙන්
වැසුණේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක් පිළින
කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? ගැහැවි, එහෙයින් තොප
විසින් මෙහිලා මෙසේ හික්මිය යුතු: “ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති” යි. ගැහැවි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි වදාළහ.
(සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » ඛන්ධ සංයුක්තය » නකුලපිතු වර්ගය » නකුලපිතු සූත්‍රය)
මොහොතකට හෝ කයේ සුවපත්
භාවයක් පැතීම තරම් මොට්ටකමක් තවත් නැතැයි යන්න බුදු වදනයි... රහත් උතුමන්ගේ
වදනයි... එනිසාවෙන් නීරෝගී කල නොහැකි කයක් පසුපස කාලය නාස්ති නොකොට සුවපත් කල හැකි
සිත සකස් කරගැනීමට වෙහෙස වන්නැයි උන්වහන්සේලාගේ මඟ පෙන්වීමයි!
එහෙත් ඔබ???
“සිල්වත් වන්න ලෙඩ රෝග
හැදෙන්නේ නෑ...”
“සමාධිය වඩන්න ලෙඩ රෝග සුව
වෙනවා...”
“තෙරුවණේ ආශිර්වාදය පතන්න
අපට හානියක් නෑ...”
“ධර්මය අපිව රකිනවා අපට
මරණයෙන් නිදහස් වෙන්න පුළුවන්...”
“මැරෙන්නේ නරක අය...
වසංගතයෙන් ඉතුරු වෙන්නේ හොඳ අය...”
මොනවද මේ කතා???
ඔබේ ඔය අදහසට අනුව සැසදූවොත්....
සම්මා සම්බුදු හිමියන්ට
අසනීප තිබුනේ උන්වහන්සේගේ සීලයේ අඩුවක් නිසාද?
මුගලන් හිමියන් පිරිණිවන්පානා
තුරු ඇට කුඩු වී යන තුරු සොරුන් පහර දුන්නේ ධර්මයේ රැකවරණය නොතිබ්බ නිසාද?
කටින් කට ගෙනාව පිටකය ග්‍රන්ථ
ගත කරලා නියඟ වසංගත කාලයක මහ රහතුන්වහන්සේලා දහස් ගණනින් දිවි පිදුවේ
උන්වහන්සේලාගේ සීලයේ සමාධියේ ගුණයේ අඩුවක්
තිබ්බ නිසාද?
මොට්ටකම් වලටත් සීමාවක් තිබිය
යුතුයි කියලා හිතෙන්නේ නැත්ද?
නැතහොත් සසර පුරාම වැනසී
ගියාසේ මෙවරත් වැනසෙන්නේ මොට්ටකම නිසාමයි...
දැන්වත් විද බලන්නට තරම්
නුවණ තියුණු කරගන්න... විදසුන් වඩන්න...
උපතින්ම මරණය උරුමකරගත්...
ලෙඩවීමේ හැකියාව නම් වූ නිදන්ගත රෝගය උපතින්ම කයේ දරාගෙන සිටින... දුර්භික්ෂ වසංගත
නොයෙක් ව්‍යසන වලට ලක්වෙමින් සොහොන් බිම් තර කරපු ඔබට මට තවත් අවස්ථාවක් ලැබිලා...
ඒත් ඒ අවස්ථාවෙත් පරණ පුරුදු
මොට්ටමකම්මයි...
දැන්වත් නිවැරදිව යථා දහම් දැකගත්තොත් නේද හොඳ?
සත්‍යයට
මුහුණ දෙන්න දැන්වත් විරියක් දැම්මොත් නේද හොඳ?
බුදු දහම යැයි පටලවාගෙන
බෞද්ධයෙක් යැයි සිතාගෙන... බුදු දහම නොවූ අන්‍ය වූ දහමක් සරණ ගිය අන්‍ය ශාසනිකයෙක්
නොවන්නට ප්‍රඥාවන්ත වන්න!
සැ.යු. මේ පණිවිඩය ඔබට මෙසේ
ලැබෙන්නේද ඔබ තවමත් අති දුර්ලභ වූ වටිනා බුද්ධ ශාසනයක් සහිත කාලයක ජීවත් වන්නට
තරම් භාග්‍යවන්තයෙක් වූ නිසාවෙන් බව තරයේ සිහිතබාගන්න!!!
No comments:
Post a Comment