නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, April 10, 2020

මෙකල සිර වූ ඔබ සේම...


බොහෝ අයට අමතක... බොහෝ අය සිතන්නටවත් අකමැති... එහෙත් මේ කාලේ ඔබ වාගේම තැනකට හිරවෙලා අඩුපාඩුකම් ඉවසගෙන ඉන්න... ඔබට නොපෙනුන... තවත් පිරිසක් ගැන සිහිපත් කරන්නට මෙසේ සටහන් තබමි...!!! 

කෑම බීම අඩුපාඩු සහිතව... 
කොහේටවත් යාගන්නත් ඒගන්නත් බැරිව... 
ගේ ඇතුලටම හිර වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන මේ වෙලාවේ... 
දන්න කියන කෙනෙක්... නන්නාදුනන කෙනෙක්... 
ඥාතියෙක් හිත මිත්‍රාදියෙක්... 
මේ කව්රු හරි විසින්... 
ඔබට ආහාර පාන සහිත... අලුත් ඇඳුම් සහිත... 
අවශ්‍යතා අඩුපාඩුවක් නැතිව තිබෙන...
සහන බඩු මල්ලක් එවනවා... 
සමහර වෙලාවට තමන්ම දාපූ ඉල්ලුමකට අනුව... 
කඩයකින් බඩු මල්ලක් ගේනවා වෙන්නත් පුළුවන්... 
ඒ අවස්ථාව මොකක් වුණත් අවශ්‍යතාවය ඉටු වෙනකොට... 
ඔබට දැනෙන සතුට කොහොමද? 
ඒ හැඟීම ගැන මොහොතකට හිත යොමු කරන්න... 

කලාද? හොඳයි!!! 
ඇයි දන්නවද? 

මේ සසර පුරාවට... 
අපට හිතවත්කම් කිව්ව... ඥාතිකම් පෑව... 
අපට නොයෙක් අයුරින් හමුවී අපත් සමඟ සම්බන්ධකම් පෑව... 
මියගිය ඥාති හිතමිත්‍රාදීන්... 
දැන් දුගතියකට... අසරණ අත් භවයකට පත්වෙලා නම්... 
ඒ පිරිස... මේ මොහොතෙත්... 
එදත්... අදත්... කවදත්... 
තම තමන් ඉන්න ඉන්න තැන් වල හිර වෙලා... 
කාගෙන්වත් පිළිසරණක් නැතිව... 
පින් පොදක් බලාගෙන... 
අපිව දන්න කියන පිරිසටවත්... 
අනේ අපිව මතක් වෙයිදෝ යැයි සිතමින්... 
තමන්ගේ අවශ්‍යතාවයන් කව්රුන් හෝ ඉටු කරාවි... 
යන බලාපොරොත්තුවෙන් අසරණ වෙලා... 
ඔවුන්ගේ සහන මල්ල එනකම්...
බලාගෙන ඉන්නෙත් ඔන්න දැන් ඔය, 
ඔබ ඉන්නවා වගේම තමයි... 
දැන් ටිකක් හිතන්න... 
සමාජයේ ගරු කටයුතු අය කියන නිසා හෝ වේවා... 
කව්රුන් හෝ කෙනෙක් ගත්ත තීරණයක් නිසා හෝ වේවා... 
සමාජයේ පැතිර යන මතයක් නිසාවෙන් හෝ වේවා... 
ඔබේ සහන මල්ලට බාධාවක් එනවා... 
සහන මල්ලක් ලබන්නට තරම් ඔබට සුදුසුකම් නෑ කියනවා... 
ඔබම ඉල්ලුම් කල ඔබේ බඩු මල්ල කිවූ දිනයට නොදී, 
තවත් කාලෙකට පස්සේ ලබා දෙනවා කියනවා... 
ඔබ ගැන... ඔබේ අවශ්‍යතාවයන් ගැන... 
හොයා බලන්න අවශ්‍ය නෑ කියනවා... 
ඔබට දැනෙන දුක... අසහනය... කම්පනය.. වේදනාව කොහොමද? 
ඒ හැඟීම ගැන මොහොතකට හිත යොමු කරන්න... 
දැන් ඉතින් නුවණින් හිතන්න... 
දවස් 7කින්... මාස 3කින්... 
ලැබෙන්න තියෙන පින් ටික නොදී... 
දවස මාරු කරනකොට... 
නැත්නම් නොදීම ඉන්නකොට... 
පින් ලබන්න සුදුස්සෝ නොවේ යැයි ප්‍රතික්ෂේප වෙනකොට... 
ඉන්නවද නැත්ද කව්ද දන්නේ... 
ඔය පින් දෙන වැඩේ කරන්න හොඳ නෑ... 
නොයෙක් අය කියන මේ වගේ මත වල හිරවෙලා... 
දුගති අත්බැවයක හිරවෙලා අසරණව ඉන්න... 
කවදා හෝ සසරේ හොඳින් හෝ නරකින් හාදකම් පෑව... 
තමන්ගේ සහන මල්ල ලැබෙන තෙක් බලාගෙන සිටින...
ඒ අන්ත අසරණ නොපෙනෙන ජීවි කොටසට... 
අද පටන්ගෙන ඔබ කෙසේ සැලකිය යුතුද? 

කව්රුවත් කියන නිසා හෝ පොතේ පතේ තියෙන නිසා නොව තමන්ව උපමා කොට නුවණින් දැක යහපතේ නිරත වන්නට තරම් නුවණැත්තෙක් වෙන්න!!! 

එවං දදන්ති ඤාතීනං, යෙ හොන්ති අනුකම්පකා; 
සුචිං පණීතං කාලෙන, කප්පියං පානභොජනං; 
ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන්තු ඤාතයො. 
“යම් කෙනෙක් ඒ ප්‍රේත නෑයන්ට අනුකම්පා කරන්නෝ වෙත්ද, ඔව්හු ශුද්ධවූ ප්‍රණීතවූ කැපවූ ආහාර පාන වර්ග සුදුසු කාලයෙහි මෙසේ පමුණවත්. “මේ පින නෑයනට වේවා. නෑයෝ සුවපත් වෙත්වා කියා’යි. 
තෙ ච තත්ථ සමාගන්ත්වා, ඤාතිපෙතා සමාගතා; 
පහූතෙ අන්නපානම්හි, සක්කච්චං අනුමොදරෙ. 
ඒ ඤාති ප්‍රේතයෝද එතැන්හි අවුත් එක්රැස්වූවාහු. ඒ බොහෝ ආහාර පාන තමන් උදෙසා දෙන කල ඒ සකසා අනුමෝදන් කොට ගණිත්. 
“යම් කෙනෙකුන් නිසා (පින් අනුමෝදන් කළ) මෙ කෙණෙහි සම්පත් ලබමෝ ද, ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් දන් දී පින් පැමිණවීම් වශයෙන් අපට ද පූජා කරන ලදී” යී ද තුති කෙරෙත්. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නො වෙති. 

සූත්‍ර පිටකය - ඛුද්දක නිකාය - ඛුද්දක පාඨ පාළිය - 7. තිරොකුඞ්ඩ සූත්‍රය

පෙනෙන, ඇසෙන, දැනෙන, විඳින දේ ඉක්මවා නුවණින් දකින්න... දැකගෙන සැනසෙන්න... සසර සුවපත්භාවයම ලබන්න!!!

No comments: