නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Sunday, April 24, 2022

සුවඳ සොරුන් වෙත

නිවන් අවබෝධ කර ගන්නට කැමති ද?

මේ ශාසනය මඟ හැර ගන්නේ නැතිව උපරිම ඵල නෙලා ගන්නට කැමති ද? 

එහෙනම් අපේ හික්මීම... සංවරය සකස් විය යුතු මට්ටම ගැන සම්බුදු ඔවදනත් සමඟින් විමසා බලමු ද? 

අතිශයින් ම තම තමන්ගේ යහපත උදා කර ගන්නට කැමැත්තෙන් කැප වන  ප්‍රඥාවන්තයින් උදෙසා පමණයි!   

නරඹන්න කැමති පිරිස වෙත... 


අහන්න කැමති පිරිස වෙත...

MP3 එක අහන්න



PDF පොතක් වගේ කියවන්න කැමති පිරිස වෙත...

A4 ‌ප්‍රමාණයේ පොතක් ලෙසින්



වෙබ් අඩවියේ කියවන්නට කැමති පිරිස වෙතට

නිර්වාණ ධර්ම වෙබ් පිටුවට


💖💖💖🙏🙏🙏නිර්වාණ ධර්ම - නිවී සැනසෙන හදවතක් උදෙසා!🙏🙏🙏💖💖💖

Tuesday, April 5, 2022

එන්න පුතේ, යමු...!

කොහෙද අම්මේ / තාත්තේ?

අතිශයින් ම නුවණ මාත්‍රයක් ඇති වැඩිහිටියන් වෙත කරුණාවෙන් ලියමි,

මුලින් ම පුංචි කතාවක් කියන්නම්.

මම පුංචි කාලයේ මට ඇසුරු කරන්නට ලැබුණු වැඩිහිටි පාර්ශවයෙන් සෑහෙන වාරයක් අහගත්ත වචන ටිකක් තිබ්බා.  විශේෂයෙන් ම අපේ අම්මාගේ ලොකු මල්ලී... මගේ ලොකු මාමාගෙන් නිතරම අහගත්ත වචන ටිකක්.

“මේ ලොකු අයගේ කතා වලට පොඩි අය සම්බන්ධ වෙන්නේ නෑ... යනවා යන්න ගිහින් සෙල්ලමක් කර ගන්නවා”

තවත් එක්තරා අවස්ථාවක් තිබුනා... මගෙත් එක්ක සෙල්ලම් කරන මට වඩා ටිකක් විතර වයසින් වැඩි ගමේ අයියා කෙනෙකු යි අක්කා කෙනෙකු යි හිටියා.  ලොකු වයස් පරතරයක් නැති වුනා ම සෙල්ලම් කරන සඟයෝ විදියට නේ ඉතින් දැනෙන්නේ... දවසක් එයාල ගේ ගෙදර ලොකු අය ලොකු වලියක්.  නරක වචන කියා ගනිමින් රණ්ඩු වෙනවා.  අනේ මගේ සෙල්ලම් සඟයෝ දෙන්න හරි හරියට නරක වචන කියමින් වැඩිහිටි පාර්ශවයත් එක්ක වලියට එකතු වෙලා.  අදටත් මට එදා දැනුන හැඟීම මතකයි.  මම ගල් ගැහුණා.  ආ... මේ ලොකු අය නේ කියලා දැනුණේ.  එදා ඉඳලා මට ඒ අයත් එක්ක සෙල්ලම් කරන්න හිත දුන්නේ ම නෑ.  මට දැනුණේ ඒ අය වැඩිහිටියෝ කියලා. 

“මේ ලොකු අයගේ කතා වලට පොඩි අය සම්බන්ධ වෙන්නේ නෑ... යනවා යන්න ගිහින් සෙල්ලමක් කර ගන්නවා”

මෙන්න මේ දෙබස වැඩි පුරම මට කිව්ව අපේ ලොකු මාමා ඇතුළු මාව පන්නලා දැමූ වැඩිහිටියන්ට මම අදටත් නමස්කාර කරනවා! 

ඒ ඇයි දන්නවද?

ඒ දෙබස නිසා මට පුංචි දරුවෙක් විය යුතු කාලයේ දී කොතරම් ප්‍රශ්න ගැටලු තිබුනත්, සෙල්ලම් කරමින් ඒ ළමා කාලයේ සුවය හරියට විඳ ගන්නට හැකි සැබෑ ම පුංචි දරුවෙක් වෙන්න අවස්ථාව ලැබුණා.

මම පුංචි කාලෙ අපේ ගමේ ම විදුලිය තිබ්බේ නෑ... විදුලිය ලැබුණේ 90 ගණන් වල... එතකොටත් විදුලිය කපන කාලයකට මුහුණ දුන්නා... ගෙදර බඩු ගන්න එච්චර මිල මුදල් තිබුණේ නෑ... වැඩිහිටි අය කතා කරන ඒවට හොරෙන් කන දානවා නේ ඉතින් කොහොම එපා කිව්වත්... එතකොට ඒ අය ඕන තරම් කතා කරනවා ඇහුණා දේශපාලන ප්‍රශ්න ගැන... රට ගැන... නමුත් කවදාවත් දරුවෙක් විදියට මට ඒ දේ අදාළයි කියලා මට දැනුණේ නෑ. 

ගෙදර ප්‍රශ්න... රටේ ප්‍රශ්න... ලෝකේ ප්‍රශ්න... පුංචි මනසට වදයක් වුනේ නෑ. ඒ කාලේ දකින්නට තිබුණ ප්‍රශ්න ගැන 80ගණන්... 90ගණන් මතක අය දන්නවා ඇති.  නමුත් ඒ එක ප්‍රශ්නයක් වත් පුංචි මනසට වදයක් නො වෙන්න වග බලා ගන්න තරම් ප්‍රබල එක වාක්‍යයක් තිබුනා.   

“මේ ලොකු අයගේ කතා වලට පොඩි අය සම්බන්ධ වෙන්නේ නෑ... යනවා යන්න ගිහින් සෙල්ලමක් කර ගන්නවා”

මේ වාක්‍ය ඇතුලේ එකක් නම් දැනුන... ලොකු වුනා ම සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.  ඒ දේවල් වලට මුහුණ දෙන්න බලා ගෙන ලොකු වෙන්න ඕන කියලා.

අද මම වැඩිහිටියෙක්... නමුත් නරක වචන කියමින් රණ්ඩු වෙන දාහක් අතරේ එක නරක වචනයක් නො කියන්න තරම් ශක්තියක් ඇති වැඩිහිටියෙක්.  

“මේ ලොකු අයගේ කතා වලට පොඩි අය සම්බන්ධ වෙන්නේ නෑ... යනවා යන්න ගිහින් සෙල්ලමක් කර ගන්නවා”  පුංචි අයට කියන සහ කියන්න ඕන කියලා විශ්වාස කරන වැඩිහිටියෙක්. 

ඒ කාලෙත් අරගල තිබුනා.  නමුත් ඒ කාලේ වැඩිහිටියන්ට නුවණ තිබුණා දරුවන්ට දරුවන්ගේ ලමා කාලය දෙන්න.  ඒ අය අරගල කලේ දරුවන්ගේ අනාගතය සුභ කරවන්න.  දරුවන්ට කිව්වේ නෑ ඔයාගේ අනාගතය හදන්න යි මම මේ අරගල කරන්නේ එන්න මාත් එක්ක පෙළපාලි යමු කියලා. ඒ අය කිව්වේ “යන්න පුතේ සෙල්ලම් කරන්න... ගිහින් පාඩමක් කර ගන්න... අපි ඔයාගේ අනාගතය වෙනුවෙන් අපට පුළුවන් විදියට දේවල් කරන්නම්” කියලයි

පසුගිය වසරක විභාග කාලයේ දීත් දැක ගන්නට තිබුනා පුංචි දරුවන් වැඩිහිටියන් වගේ පාලකයන්ට... ගුරු භවතුන්ට දොස් කියමින්... අපට අසාධාරණයක් වුනා කියලා හඬමින් අරගල කරනවා.  ඒ සිදුවීම අගය කරමින් මාධ්‍යයේ පමණක් නොවේ ඒ දේට මහා සහායක් දෙමින් වැඩිහිටි පිරිසක් ම සහාය දෙනවා.  කොන්ද පණ ඇති වැඩිහිටියන් ඇති අනාගතයක් ලෙසින් තමයි මෙය බහුතරය දකින්නේ.

ප්‍රශ්නයක මුලක් මැදක් අගක් හිතා ගන්න බැරි නොදරුවන්ගේ හිත් වලට විස පුරවලා... වෛර කරන්න... රණ්ඩු කරන්න... අරගල කරන්න උගන්වලා... අසාධාරණය මෙන්න මෙයා නිසා වුනා කියලා, රටේ පොදු දේපල වලට හානි කරමින් හඬමින් දෙස් දෙවොල් තියමින් හැසිරෙන බව ඇතිව ඔවුන් කොන්ද පණ ඇති වැඩිහිටියෙක් වෙයි කියලා හිතනවා නම්... ඒ මානසිකත්වය ගැන සැබැවින් ම විමසා බලන්න ම වේවි!

තමන්ගේ දරුව ගේ අතට තමන්ටත් තේරෙන්නේ නැති බෝඩ් එකක් දෙන්න කලින් හිතන්න මේ රටේ ම කාලයක් තිබුනා තමන්ගෙ අයිතිය වෙනුවෙන් සටන් වදින්න කියලා තුවක්කුවක් අතට ගත්ත ළමා සොල්දාදුවෝ හිටිය කාලයක්.  ඉතින් තමන්ගේ දරුවන් ව වුනත් මේ විදියට යොදා ගැනීමට කියන්නේ ළමා අපචාර කියලයි!   

කවදා හරි තමන් ව එතැනට ඇදලා දාපු අම්මාට තාත්තට වැඩිහිටියන්ට සාප කරන ඒ අයට ගහන්න බනින්න මරන්න දෙ පාරක් හිතන්නේ නැති වැඩිහිටියෙක් කොන්ද පණ ඇති ප්‍රශ්න ගැන දැනුවත් සාර්ථක වැඩිහිටියෙක් කියලා හිතනවා නම්... හිතෙනවා නම්... ඒ කරන දේ අගය කරනවා නම්... ඔබගේ වැඩිහිටි භාවයේත් ප්‍රශ්නයක් තිබෙනවා නේදැයි විමසා බලන්න!

පුංචි දරුවෝ තමන්ට තේරෙන්නේ නැති ප්‍රශ්නයක බෝඩ් කෑලි උස්සා ගෙන... බෝඩ් වල සටන් පාඨ ලියමින් ඉන්න පින්තූර ලෝකයක් එක්ක මහා වීරත්වයෙන් බෙදා ගෙන සමාජ ජාලා අතර සංසරණය වෙන්න දීම සැබැවින් ම දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගෙන් ඔවුන්ට ලැබෙන රැකවරණයක් දැයි විමසන්න!

සතුන් පවා යම් පොරයක දී මුලින් ම කරන්නේ තමන්ගේ පැටවුන් ව හංගන එක. නමුත් මිනිසුන් වන ඔබ?

දන්නවා ද ඇත්තට ම කොන්ද පණ තියෙනවා ය කියන... සැබෑවට ම ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු කරන්නේ හදිසියේ වත් අරගලයක් සටනක් කරන්න සිද්ධ වුණ වෙලාවට වැඩිම හානියක් වෙයි කියලා හිතෙන අයව ආරක්ෂිත තැන් වලට යොමු කරලා “ඔයාල පැත්තකට වෙන්න මේ ප්‍රශ්නේ මම බලා ගන්නම්” කියලා කටයුතු කරන එක.

පුංචි දරුවන් වත් යොදා ගෙන යමෙක් යම් අයිතියක් උදෙසා කෑ මොර දෙනවා නම්... එයට කියන්නට සුදුසු හොඳම හැඳින්වීම ඔබගේ හදවතට ම දැනේවා!  එවන් වැඩිහිටි පිරිසක් සෞභාග්‍යමත් රටක් ලෝකයක් සමාජයක් සකස් කරන එක ගැන නම් සැබැවින්ම ප්‍රශ්නාර්ථයක් තිබෙනවා!    

අතිශයින් ම, අංශු මාත්‍ර හෝ දරුවන්ට සැබෑවට ම ආදරය කරන... දරුවන්ගේ අනාගතය ගැන අවංකව ම හිතන... දරුවන්ට දරුවන් ලෙසින් සලකන දෙමව්පියන් ඇතුළු නුවණක් ඇති වැඩිහිටියන් වෙතට පමණි!

මට බැන්නාට... දොස් නැගුවාට... අපහාස කලාට කම් නැත... ගැහුවත්... මැරුවත් කම් නැත... තමන්ගේ දරුවන්ව පවා තමන්ගේ වැඩිහිටි ප්‍රශ්න වලට යොදා ගන්නට තරම් මානසිකත්වය දුර්වල වූ මිනිසුන්ගෙන් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු නොවෙමි!  

එන්නම එන්නම වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන් උදෙසා තමන්ගේ දරුවන්ගේ මානසිකත්වය තබා කායික ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැතිව රැකවරණයක් ලබා දෙන්නට ඉන්න වැඩිහිටියන් ම දෙමව්පියන් ගුරු භවතුන් ම ආඩම්බරයෙන් දරුවන් බිල්ලට දෙන විට සැබැවින් ම LTTE  වැනි ත්‍රස්තවාදයක් වෙනස් ම මුහුණු වරකින් නැවත දැක ගන්නට ඇති සේ දුටිමි. 

දැවෙන පොර කන මහ මිනිසුන් ගේ ගල් පහරකින් හෝ වේවා... කඳුළු ගෑස් ප්‍රහාරයකින් හෝ වේවා... පොලු පහරකින් හෝ වේවා... ඔබගේ නොදරුවන්ට හානි වුවහොත් දේශපාලනයට හෝ දේශපාලකයින්ගේ දරුවන්ට සාප තැබුවාට ඵලක් නැති වන බව ඔබගේ අන්ධකාරයෙන් පිරුණු හදවත් වලට දැනේවා! 

එදාට මගේ දරුවාට පෙළපාලියේ දී තමයි මේ හානිය වුනේ... මාගේ දරුවා අරගලයේ දී මැරුණේ කියමින් හඬන විට ඔබව දැන් “වීර දෙමව්පියන්” ලෙසින් අගය කරන ලෝකයා ම ඔබව මහා මෝඩයෙක් ලෙසින් හංවඩු ගසාවි!

එකිනෙකා මරා ගන්න මුරු ගසන් වරුසාව වහින කාලයට මේ දේවල් කොතරම් කිව්වත්, අහන්නේ නැති ඇහෙන්නේ නැති බහුතරයක් ලෝකයේ සිටින බව තමයි සත්පුරුෂ දහම් වල කියැවෙන්නේ.

නමුත් මේ වදන් පෙල සටහන් තැබුවේ ඔබගේ දරුවා වෙනුවෙන් ම බව ඔබට යම් දිනක වැටහේවි... වැටහේවා!  යමක් වූ පසුව අනේ අපට අනතුරු අඟවන්නට කව්රුවත් හිටියේ නෑනේ කියලා හඬන්නට නොවෙන්නටයි මේ සටහන තැබුවේ!

පසු සටහන - මේ දේවල් තේරුම් ගන්නට ආගමික වෙන්නවත්... ආගමක් දහමක් තියෙන්න ඕනෙවත් නෑ... මේ සාමාන්‍ය බුද්ධියෙන් දැකිය යුතු ප්‍රශ්නයක් බව නුවණැත්තෝ හඳුනා ගනිත්වා!  තවත් දෙයක් මේ ලංකාවේ විතරක් ප්‍රශ්ණයක් නොවේ... ලෝකයේ ම දරුවන් ව මෙසේ අපචාරයට ලක් කරමින් වැඩිහිටියන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් යොදා ගැනීම රැල්ලක් බවට පත්වී තිබේ.  ඔබත් ඒ රැල්ලට යන වැඩිහිටියෙක් වෙනවා දැයි නුවණින් විමසා බලන්න!

මේ කිසිවක් වෛරය පතුරුවා ගැනීමට නොවේ.  යම් නොදැනුවත්ව හෝ වරදක් අඩුපාඩුවක් සිදුවෙනවා නම් එය සකසා ගැනීමට පමණි.  මෙත් සිතින් සැම සත වෙත හැමදාම ගෞරවාදරයෙන් නමුත් කියන්නට ඇවැසි දේ මෙසේ කියමි!

Come Son, Let’s go…!

Where Mom / Dad?

Strictly for the parents and elders who really care for their children,

Let me share you a story first…

There is a dialogue which I used to hear a lot as a kid. 

“Go, play and mind your own business… this is an elders’ topic; this is not for kids”

Once there was an incident which I was shocked to see as a kid.  Two of my play mates they were joined with their elders to fight with their neighbors and using filthy words and was fighting like adults.  That really shocked me and as a kid I thought are they kids or adults. I was bit confused in a way too. And then I never felt comfortable to play with them again. 

“Go, play and mind your own business… this is an elders’ topic; this is not for kids”

I still feel huge respect, feel loads of love towards the elders who told me this dialogue every time I was putting my little nose in to their conversations.

Do you know why I respect them?

Coz no matter what kind of issues were in our lives, they never allowed me to be a part of it.  They just let me be the kid in the family.

We didn’t have power in our village when I was a kid. And electricity was given in mid of 90s like and after that I remember there was a period which we had power cuts.  And we weren’t a rich family either, and sometimes we have gone through some difficult time with food, fuel for the lamps etc.  When I was secretly listening to elder’s subjects of course I heard some political issues too.  And topics about the country & its situation. Etc… but I never felt I am a part of it.  Coz I felt as a kid. 

I didn’t have to worry about the issues of our house… issues of our country or world… coz I felt as a kid. Those who are aware about the country’s situation in 80s & 90s know how terrible time it was.  But they were never an issue for my kiddish mind.  Coz there was this powerful dialogue which I used to hear a lot…

“Go, play and mind your own business… this is an elders’ topic; this is not for kids”

BUT, whenever I hear that dialogue, I definitely clearly understood one thing, which is that being an adult is not easy and will have to face loads of issues.  I should be ready for a battle as an adult one day.

Today, I am an adult.  But an adult who have courage to face any kind of issue, and not using filthy words to fight with others. An Adult who believes that we should use this dialogue for our kids “Go, play and mind your own business… this is an elders’ topic; this is not for kids” and keep them away from the adulthood struggles. 

Those days too had protest and everything… but adults with wisdom didn’t use their kids for protests.  They didn’t say we are protesting for your future, so you must join with us for your rights.  What they said & did was "Go play & study well... will build the future for you... we will fight for you!"

But look at now… adults are not thinking twice to take their infants for the protests.  Kids are protesting all over the world for certain subjects.  They chose protesting and carrying boards & other stuffs to make them hear.  They are learning to damage the countries properties and other stuffs to be visible.  They are learning to use the violent way to be visible and heard.

Do you think this what they deserve?  Do you still believe this is done by some politicians or any other adult?  It’s your kid, and you decide what good for them, and what’s bad, and look at you… what you have chosen for them? Do you think they will approve this when they become adults?  Do you still think this will make them a stronger human being?  

They don’t even know what’s written in their boards and what they actually mean… look what you have done to your beautiful little one… are you really proud of it?

How responsible you are as an adult to see your kid’s images with boards & other stuffs circulating around social media to world to watch? Do you think it’s the safest way for them?  Whom you are going to blame if your kid got hurt among the protesters who don’t care about anything at all and blinded by anger.  What if your little one becomes a handicap…? What if they die?  Whom you are going to curse or blame? Politicians & their kids? Or the system?

Oh! Come one… wake up, adults! Those who now says you are a heroic parent will say how dumb you are to carry your kid to a protest.  How you expect a protest can be peaceful all the time.  There are people who do violent things when they get angry.  They throw stuffs… they use gas… they fight… they use filthy words… they are filled with anger… and YOU PUT YOUR KID IN TO THAT…

Have you ever thought about how scared they can be, those little hearts? Infants sometimes get shocked to tiny sounds, even.  And you are putting them into a middle of shouting adults. Do you think they will become stronger and powerful human beings in future?

Even animals protect their little ones when they go to a fight.  They hide their little ones.  Those who really strong they normally protect the weak ones and tells them “You keep away from this situation, let me handle it” That’s how those who really caring act. And that’s call protective nature.

If someone uses the little kids to use and promote their adult issues… seriously… where is actual human right?  Where is child protection?  This is call child abuse!  

And in Sri Lanka we have seen such a team of people using their & other’s kids to solve their issues.  Worlds called those kids “CHILD SOLDIERS” AND THAT’S TERRORISM! And what you are doing right now around the world by using your kids in to protest whether they are peaceful or not is another form of terrorism!

Use your little one for your protest… teach them how to write those boards and fight for their rights in the street by disturbing everyone… They won’t think twice to take a weapon and shoot you MOM… DADDY… or TEACHER… Or other adults when they don’t get heard.

Go ahead do your heroic action of using your little one for your purposes by telling them this is for your brighter future, my dear one… Go ahead do… coz it’s your kid after all, right?  Who am I to say how to raise your kid, and what’s good for your kid, right?

Doesn’t matter… Don’t tell the world that no one has warned you when something happened to your little one, and they grew ugly & heartless as a human being one day without any love & compassion in their hearts!

I know you will say loads of stuffs to me and may be insult me too for saying this to you.  Coz for those who use the little ones for their own purposes by justifying their act, can’t except something good for another adult. No worries.  Blessings to the kids who are unaware of what’s coming for them!

P.S. - THIS IS NOT RELIGIOUS - THIS IS BASIC COMMON SENSE! And Strictly not to hate each other.  Just to be aware about the mistakes doing!  With Compassion to all beings!

Friday, April 1, 2022

තව මාස 4යි...!!!

 

සටහනේ අන්තර්ගතය

නිර්වාණ ධර්ම ඇසුරු කරන ඔබ දන්නවා මේ සදහම් සත්කාරය තුලින් ඔබට ලැබෙන්නේ නිවීම සඳහා අවශ්‍ය කරන ගැඹුරු තථාගත ශ්‍රී සත්ධර්මය ම පමණක් ම බව. සුගතියක නතර වෙන්නට වත්... සුන්දර දැහැමි ජීවිත ගත කරමින් කෙලෙස් සාධාරණීකරණය කර ගනිමින් කල් මරන්නට වත් අවශ්‍ය කාරණා නැතිව අප්‍රමාදී ව නිවීම හෙවත් විමුක්තිය ලබා ගෙන සසර සුවපත් භාවය පිණිස කටයුතු කර ගැනීමට අවශ්‍ය අති දුලභ තථාගත දහම පමණක් ම, ඔබට නිර්වාණ ධර්ම සදහම් සත්කාරයෙන් ලබා දෙන්නට තමයි අපගේ කැපවීම. ‌මන්ද ‌පැවැත්ම පිණිස උපකාර වන දේ කියන්න දහසක් ඇතැත් නිවෙන්නට වදනක් අති දුලභයි!

ඉතින් නිවෙන්නට කැමති... නිවන් මඟ වඩන්නට කැමති... අප්‍රමාදී විය යුතු බව හදවතේ දරා ගෙන සිටින සත්පුරුෂ පින්වත් සැම වෙනුවෙන්, මාගේ සම්මා සම්බුදු රඳුන් අපට ලබා දෙන තවත් අවවාද අනුශාසනාවක් මෙවර කතු වැකියට ගොනු කරන්නම්. 

අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී අත්තදත්ථ නම් වූ තෙරුන් මුල් කර ගෙන සිදු කල දහම් කොටසක් ධම්ම පදය තුල අපට හමු වෙනවා.  ඒ ගාථාව තුලින් ලබා දුන් දහම් පණිවිඩය විමසා අපගේ නිවන් මඟට යොදා ගන්නට අප යොමු වෙමු.

සිද්ධිය වුනේ මෙහෙමයි. බුදු රජාණන් වහන්සේ විසින් පිරිනිවන් පෑමට සමීප කාලයේ දී මහණෙනි මම මෙයින් මාස හතරකින් පිරිනිවන්නෙමියි” පැවසූ විට එයට කම්පා වූ භික්ෂූන් හත් සියයක් බුදුන් සමීපයේ විසීම අත්හැර “ඇවැත්නි අපි දැන් කුමක් කරමු දැයි?” කතිකා කරමින් ඉන්නවා. හරියට ලොකු ප්‍රශ්නයක් වුනා ම උන් හිටි තැන් අමතක වෙලා දැන් ඉතින් මොකද කරන්නේ කියලා විසිරුණු සිත් ඇතිව කටයුතු කරන්නේ.  අන්න ඒ වගේ...

නමුත් මේ අත්තදත්ථ කියන හිමියන් නම් මෙන්න මෙහෙම හිතුවා.  සම්මා සම්බුදුන් වහන්සේ මාස හතරකට පසුව පිරිනිවන් පානවා. මමද විරාගී වු බුදුන් වහන්සේ ජීවත් ව සිටිය දී ම රහත් ඵලය සඳහා උත්සාහ කරන්නෙමි” කියලා.

එහෙම හිතුව උන්වහන්සේ අර විසිරුණු සිත් ඇතිව කම්පා වෙමින් කටයුතු කල හිමිවරුන් එක්ක හිටියේ නෑ.  ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාට මෙය හරි ගැටලුවක් වුනා.  මෙච්චර ප්‍රශ්නයක් තියෙන කොට ඇයි මේ අත්තදත්ථ හිමියන් උන්වහන්සේලා ව මඟ හැරලා ඉන්නේ කියලා.  කථාවත් කරන්නේ නැත්තේ ඇයි කියලා.  ඉතින් සුපුරුදු පරිදි ගිහින් අපේ බුදු පියාණන් වහන්සේට තමයි මේ ගැන කිව්වේ.  ඉතින් බුදු පියාණන් වහන්සේ අත්ත දත්ථ හිමියන්ගෙන් කාරණාව විමසූ විට උන්වහන්සේ පැවසුවේ “ස්වාමීනි ඔබ වහන්සේ මාස හතරකින් පිරිනිවන් පාන හෙයින් මම ඔබ වහන්සේ සිටිය දීම රහත් ඵලය ලැබීමට උත්සාහ කරන්නෙමි”. කියලා.  දන්නවා ද අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උන්වහන්සේට සාධුකාර දෙනවා. ඉන් පසුව මෙසේ පවසනවා.

මහණෙනි, මට ස්නේහ ඇත්තෝ අත්තදත්ථ තෙරුන් මෙන් වීම ම වටියි. සුවඳ දුම් මල් ආදියෙන් මා පිදීම මට පුජා කිරීමක් නොවේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීම මට පුජා කිරීමක් වන්නේ ය. එනිසා අනෙක් භික්ෂූන් විසින් ද අත්තදත්ථ තෙරුන් ලෙසට විය යුතු යයි පවසා මෙම ගාථාව දේශනා කළහ.

අත‍්තදත‍්ථං පරත‍්ථෙන, බහුනාපි න හාපයෙ - අත‍්තදත‍්ථමභිඤ‍්ඤාය, සදත‍්ථපසුතො සියා”

බොහෝ වූ ද පරාර්ථය නිසා ආත්මාර්ථය නො පිරිහෙළන්නේ ය. ආත්මාර්ථය වෙසෙසා දැන, අර්‍හත්ත්‍වඵලාධිගම නම් වූ ස්වාර්‍ත්‍ථයෙහි නියැලියෙක් වන්නේ ය.”

මේ කියන්නේ කොතරම් උතුම් කටයුත්තක් වුවත් තමන් කල යුතු ම දේ මඟ හරවා ගෙන, තමන්ගේ අරමුණ පසෙක දමා අන් කටයුතු වල නිරත නොවීමට දක්ෂ විය යුතුයි” කියලයි.

අති දුලභව පහල වන සම්මා සම්බුදු කෙනෙක් “කල යුතු ම දේ” කියලා කියන්නේ නිවීම... විමුක්තිය ලැබීම මිසක් ඉන් මෙහා දේවල් නොවන බව නුවණැතිව දැකිය යුතුයි.  

සම්බුදු හිමියන්ගේ මේ දේශනාව අවසානයේ අත්තදත්ථ හිමියන් රහත් ඵලය ලබනවා.  ඉතින් මේ සිද්ධියේ අපට ගත යුතු... නිවන් මඟ පිණිස අප විසින් අවබෝධ කල යුතු තැන් බොහෝමයි.  ඉතාමත් කෙටියෙන් මෙන්න මෙහෙම කියන්නම්.

ඔබට බාහිරයේ ප්‍රශ්න කෝටියක් විතර ඒවි.  ඒ ප්‍රශ්න එන විට ඒ ප්‍රශ්නය ම විසඳීම පිණිස දහ අතේ කල්පනා කරනවා මිසක් විය යුත්ත අමතක වෙලා යනවා නේදහරියට අර භික්ෂූන් වහන්සේලාට බුදු හිමියන් පිරිනිවන් පානවා කියන දේ ඇහුවා ම වුනා වගේ.  ඉන් පසුව එය තමන්ට ප්‍රශ්නයක් කර ගෙන විසිරුණු සිත් ඇතිව කටයුතු කරනවා.  කල යුතු දේ කර ගන්නට අමතක වෙනවා. 

නමුත් අත්තදත්ථ හිමියන් ප්‍රශ්නය වගේම විසඳුමත් දැක්කා.  බාහිර වූ කාරණයක් වූ සම්මා සම්බුදු රඳුන්ගේ පිරිනිවන් පෑමට කම්පා වෙමින් ලැබී ඇති සීමිත කාලයත් අපතේ නොයවා ගන්නටයි උන්වහන්සේ තීරණය කලේ.  තමන්ට කල හැකි ද නො හැකි ද යන දේ ගැනවත් හිතුවේ නෑ.  කෙටියෙන් ම කියනවා නම්  කම්පා වෙමින් විසිරිලා ඉන්න භික්ෂූන් වහන්සේලා සනසවමින් කරුණු පහදා දෙන්නට වත් කාලය වෙන් කලේ නෑ. “කල යුත්ත මෙයයි, මා එයට කැප වෙමි!” කියන අදිටන තුලයි කටයුතු කලේ.

අත්තදත්ථ හිමියන් ලැබූ සියලු අවස්ථා අනෙක් විසිරුණු සිත් ඇති හිමිවරුන්ටත් ලැබුණා.  නමුත් අත්ත දත්ත හිමියන් තමන්ට ලැබුණු අවස්ථාවෙන් නිසි ඵල නෙලා ගත්තා.

මෙන්න මේ දේ ගැන නුවණින් දකින්න... විසිරුණු සිත් සනසමින් ආශීර්වාද කරමින් සෙත් පතනවා නම් තමයි බහුතරය කැමති... බුදු රඳුන්ට හෝ වේවා උතුමන්ට හෝ වේවා මලක් පහනක් සුවඳ දුම් පූජා කරලා මේ ප්‍රශ්න විසඳගන්නට සෙත් පතන්නට ඇත්නම් තමයි බහුතරය කැමති... රෝගයක් නම් රෝගය නැති කර ගන්නට හදන්නේ බුදු හිමියන් ඇතුළු උතුමන්ට පූජා පැවැත්වීම තුලිනුයි... රටේ දේශපාලන ප්‍රශ්නයක් නම්... මිනිසුන්ගේ හිත් විසිරිලා නම් ඒත් පූජාවන් කරලා සෙත් පතන්න තමයි උත්සාහ කරන්නේ... බහුතරයක ගේ බලාපොරොත්තුවත් එයයි.  නරක නෑ... හොඳයි... ලෞකිකයි... සුගතිගාමීයි... පැවැත්මට හේතු සහිතයි... පැවැත්ම තුලම තමයි.  බුදු හිමියන් අගය කල සාධුකාර දුන්න ක්‍රම වේදය නෙවේ. 

නමුත් බුදු හිමියන් සාධුකාර දුන්නා වූ ප්‍රතිපත්තිමය පූජාව... තම තම නැණ පමණින් තමන්ට හැකි පමණින් මේ සසර දුක් කෙළවර කර ගැනීම පිණිස කල යුත්ත කර ගැනීමට යොමු වීම... කැප වීම... ඒ වෙනුවෙන් වචනයක් හෝ ඇසීම... මුහුණ දෙන්නට සිදුව ඇති ප්‍රශ්නය හඳුනා ගෙන කල යුත්ත කර ගැනීමට කැප වීම. 

ප්‍රශ්න වලට අඳෝනා ගසමින් හඬමින්... කෑ මොර දෙමින්... එකිනෙකාට දොස් කියා ගනිමින්... අපට කුමක් වෙම්දෝ යි, බය වෙමින්... විකෘති වූ මානසිකත්වයකින් කටයුතු කිරීම නොවේ සිදු විය යුත්තේ.  නමුත් කෙනෙක් මෙය පෙන්වා දෙන විට එයටත් ගැටෙනවා නම්... එය ප්‍රතික්ෂේප කරනවා... අහන්න වත් කැමති නැති නම්... ඔබ ප්‍රමාදයි.  වික්ෂිප්ත වූ භික්ෂූන් පිරිස වගේ.  

නමුත් ඔබ “නෑ මම කැප වෙනවා.  මට හැකි උපරිමයෙන් ම කැප වෙනවා. මේ හැම දෙයක් තුලම මට ඉඟියක් ලැබෙන්නේ.... තත්වය තවත් දරුණු බව, ශාසනය සැබැවින් ම අවසාන භාගයේ පවතින... බුදු රඳුන් “තව මාස 4යි” කියලා දැනුම් දීමක් කලා වගේ... ඒ නිසා මම කැප වෙනවා.” මෙන්න මේ අදිටන හිතට ගන්න... කැප වෙන්න... ඔබටත් මටත් අත්තදත්ථ හිමියන් සේ කල යුත්ත කර අවසන් කර ගැනීමට හැකි වෙනවා නියතයි!

ඉතින් අපගේ සම්මා සම්බුදු හිමියන් විසින් සෑම අවස්ථාවකට ම... සෑම කාරණයකට ම... මුල මැද අඟ කලණ අංග සම්පූර්ණ ධර්මයක් පෙන්වා දෙනවා. තමන්ට හැකි පමණින් කැප වෙන්න විතරයි තියෙන්නේ.  ප්‍රතිඵලය ඒ මොහොතක් පාසා අත්දැක ගන්නට හැකි වේවි!  නමුත් තීරණය තමන්ගේ අතේ!    

මෙවැනි නිවෙන දහමින් සිත නිවා ගැනීමට කැමැත්තේ නම් පිවිසෙන්න“නිර්වාණ ධර්ම” වෙබ් අඩවියට!

Four more months...!

 Article summary

As you all know, “Nirvana Dhamma” always shares only the purest teachings of Samma SamBuddha which leads us to the true liberation – the Nirvana. So, no here & there stories… no excuses for defilement. Just shares what we should do as true disciples. I have chosen a wonderful story of a Bhikkhu and the teachings given to him by Samma SamBuddha for this month’s editorial. This teaching is in Dhamma Pada.

The incident happened when Samma SamBuddha resides in Devram Monastery.  Bhikkhu’s name was Ven. Aththadaththa.

It says the incident occurred like this.  When Samma SamBuddha was nearly to pass away, the blessed one informed, “Bhikkhu, I am going to pass away after four months of time”.  After hearing this message, a group of bhikkhus were so worried… confused… and moved away from Samma SamBuddha… and were discussing “what shall we do… oh what shall we do now… what will happen to us…” etc...  You know, when some terrible news comes to us, we normally get confused and couldn’t understand what to do next… something like that. 

But there was this bhikkhu named Ven. Aththadaththa among the crowd. He thought like this, “Oh! Samma SamBuddha is going to pass away after 04 months of time.  I just have 04 months to achieve the final attainment.  I should give my best try to attain the Nirvana while the blessed one alive!”

So, he ignored the company of those confused bhikkhus.  He even gives up on talking to them.  He just tried his very best to do what has to be done as a true disciple.  Then those confused bhikkhus again got confused by his attitude towards them.  They went to Samma SamBuddha and said that this Bhikkhu Ven. Aththadaththa stopped talking to them and ignoring them, and can’t understand why.

Then Bhikkhu Aththadaththa explained Samma SamBuddha what he felt when he heard the news of “Just four months more”.  He said he just wants to try his level best to do what Samma SamBuddha asked them to do while the blessed one alive.  That’s it… nothing else! Then, blessed one was so pleased and praised him.  And said,

“Oh, Bhikkhus… If you truly care for me… if you truly respect for me… then you should be like this Bhikkhu Aththadaththa.  There is no use of offering me by flowers & other incents, if you do not offer me by doing what I ask you to do.  So, everyone should be like this Bhikkhu Aththadaththa".

  And said this wonderful Dhamma teaching which you can find in Dhamma Pada – Kuddaka Nikaya – Sutta pitaka – The Pali canon     

“Attadattha paratthena, bahunāpi na hāpaye; Atta­d­attha­ma­bhi­ñ­ñāya­, sadatthapasuto siyā”.

“Never neglect your own good for the sake of another, however great. Knowing well what’s good for you, be intent upon your true goal”.

After by hearing this whole teaching, Bhikkhu Aththadaththa became an Arhath who has completed what has to be done by a true disciple.   We should relate this to our own path of nibbana.  There are so many lessons we can learn through this incident. 

As you know, there are always issues, problems… bad news all the time.  That’s natural and that’s life!  But we mostly like those bhikkhus who got confused by hearing the bad news.  They just teamed up and discussing what has to be done… and what happen to them in future etc… Always carried away with the external issues by believing how badly they could affect us.  And forgets what has to be done!

But bhikkhu Aththadaththa well knows with the issue as well as with the solution too.  He understood worrying and confusing for the issue to arise is not the solution.  He understood that one shouldn’t waste time for such useless things.  He didn’t even bother how successful he can be, whether he could complete the path or not…

HE JUST DECIDED TO DO WHAT HE HAS TO BE DONE AS A TRUE DISCIPLE!  And he didn’t even bother to pamper the team of bhikkhus who are worried and confused.  He just determined to do what he has to do!  All those bhikkhus who were confused got the same opportunities given by bhikkhu Aththadaththa.  But they failed to make use of it. 

There is another strong message here, Samma SamBuddha always praised the disciples who are dedicated to complete the path of nibbana.  That’s why the blessed one guide us here by saying; “Never neglect your own good for the sake of another, however great. Knowing well what’s good for you, be intent upon your true goal”.

Many says “You shouldn’t be such a selfish person… bless them… do some offerings… held some sacred event to bless the others… they are confused… help them… do not just focus on what you have to do… They can’t focus on dhamma teachings at the moment… because they are not smart enough like you… all they need is blessings…” etc… etc…

Offering Samma SamBuddha with a true intention of being gratitude is not out of the path at all.  But offering the blessed one and the noble ones by expecting blessings for solving the external issues is what Samma SamBuddha refused by saying “If you care for me… if you respect me… don’t offer me flowers & other… just respect what I have asked you to do and DO IT!” 

Like in this story, many get confused with bad news.  That’s natural.  But one with strong focus do not get confused or carried away.  So, it’s up to you always whom you are going to be!

So, beloved Dhamma friends, you may be going through many of external issue like plague, war, political issues, hunger, natural disasters etc… etc… There is this beautiful teaching of Samma SamBuddha which is still available for us.  But not for so long.  We really don’t have time to waste.  So instead of correcting the external world, try your best to look into your inside and find what goes wrong.  The root of all the issues!  The cause!  Find it.  Blessings are still there… but not for so long!!!

Stay in touch with www.nirvanadhamma.com for more deep Dhamma!