“යථාවබෝධය යනු තවත් කෙනෙකුගේ අදහස් හෝ වචන හෝ සිතැඟි නොවේ. යථාවබෝධය මේ සියලු වචන, අදහස්, සිතැඟි, පැහැදිලි කිරීම් ආදිය ඉක්මවා ගියාවූ දෙයකි. යමෙක් යථාවබෝධයෙන් යුතුව යමක් පවසන්නට උත්සාහ දරන විට ඒ සියලුම දෑ ඒ පුද්ගලයාගේ යථාවබෝධයේ ප්‍රක්ෂේපනයක් මිස එය යථාවබෝධය නොවේ. ප්‍රක්ෂේපනයක් පමණි! එබැවින් ඒ ප්‍රක්ෂේපනය ඔස්සේ මං මුලා නොවීමට අසන්නා දක්ෂ විය යුතුයි. එසේ නොවුනහොත් යථාවබෝධය ලෙසින් තවත් යථාවබෝධයෙන් යුතුව යමක් ප්‍රකාශ කරන්නවුන්ගේ ප්‍රක්ෂේපනයන් අහුලාගෙන ඒවා එකතු කොටගෙන තමනුත් යථාවබෝධයට පත්වූ සෙයක් දැනෙන්නට හැකිය. අනතුර හැඳිනගන්නා දක්ෂයා යථාවබෝධය ලබයි!”
මේ කියමන තුලින් කියන්නට උත්සාහ කල අදහස අපහැදිලි යමෙක් වේ නම්, ඒ කෙටියෙන් පැවසූ දේ තරමක් විග්‍රහ කර දෙන්නට උත්සාහයක් දරන්නම්.
යථාවබෝධය යනු අත්දැකීමක්. මෙසේ කියන විටදීද එය වරදවා අදහස ගැනීමට ඇති හැකියාව ගැන තමයි කියන්නට උත්සාහ කලේ. අත්දැකීම විග්‍රහ කරන්නට නොහැකියිනේ. එවිට ඒ සෑම ප්‍රකාශයක් තුලම තියෙන්නේ අත්දැකීම නිසාම තමන්ට දැනුන සහ ඒ හේතුවෙන් තමන් අත්දකින යම් යම් කාරණාම මිස ඒ ලැබූ අත්දැකීමේ ස්වභාවය නොවේ. මන්ද එය කිසිම විටෙක වචනයට ගලපන්නට හැකි කාරණයක් නොවන නිසාමයි.
වචන සකස් වුනේ පැවැත්ම පිණිස. යම් අදහසක් ප්‍රකාශ කරගැනීමේ පහසුව පිණිස සකසා ගත් වචන පද තුලින් අදහස නිවැරදිව ප්‍රකාශ කරනවා යන්න කරන්නට නොහැකි දෙයක්. මන්ද ඒ අදහස ප්‍රකාශ කරන්නට සකස් කරගත් බහුතරයක් මේ යැයි සම්මත කරගත් ආකාරයක් මිස එය ඒ අදහස නොවේ.
උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. ලෝකයේ මායාකාරී ස්වභාවය අත්දැකීමක් බවට පත්ව යථාර්ථ අවබෝධ කරගන්න කෙනෙක් ඒ ස්වභාවය විග්‍රහ කරන්නේ බොහෝ විට තමන් විසින් ඒ මායාකාරී ලෝකය දකින නොයෙක් නොයෙක් ආකාර තුලින්. ඒ කියන්නේ යථාවත් ක්‍රියාවලිය අත්දැකීමක්ව අවබෝධයෙන් සිටින්නෙක් ඒ ස්වභාවය ගැන විග්‍රහ කරන්නට හැකි ආසන්නතම ක්‍රියාවලියක් උපමාවක් ලෙසින් ගෙන ඒ ක්‍රියාවලිය විග්‍රහ කරන්නට උත්සාහ කරනවා.
මිරිඟුව කියන උපමාව හිතමුකෝ. මේ සියලු දේ මිරිඟුවක් වගේ හෝ එතැන සිදුවන ක්‍රියාවලිය හෝ තුලින් මිරිඟුව තුල තිබෙන මායාකාරී ස්වභාවයෙන් ප්‍රකාශ කරනවා. එවිට අසන්නා විසින්, “ආ ඇත්ත තමයි ලෝකය මිරිඟුවක් වගේ මායාකාරී තමයි. එය ඔප්පු වෙන මෙන්න මේ මේ අවස්ථාද තිබෙනවා” යැයි ගත් විට ඒ ගන්නේ අර යථාවබෝධයෙන් යුතුව ප්‍රකාශ කල කෙනා ප්‍රක්ෂේපනය කල යම් කාරණයක් තුලින් මිස ඒ ලැබූ යථාවබෝධයෙන් නොවේ.
මිරිඟුව කියන උපමාව හිතමුකෝ. මේ සියලු දේ මිරිඟුවක් වගේ හෝ එතැන සිදුවන ක්‍රියාවලිය හෝ තුලින් මිරිඟුව තුල තිබෙන මායාකාරී ස්වභාවයෙන් ප්‍රකාශ කරනවා. එවිට අසන්නා විසින්, “ආ ඇත්ත තමයි ලෝකය මිරිඟුවක් වගේ මායාකාරී තමයි. එය ඔප්පු වෙන මෙන්න මේ මේ අවස්ථාද තිබෙනවා” යැයි ගත් විට ඒ ගන්නේ අර යථාවබෝධයෙන් යුතුව ප්‍රකාශ කල කෙනා ප්‍රක්ෂේපනය කල යම් කාරණයක් තුලින් මිස ඒ ලැබූ යථාවබෝධයෙන් නොවේ.
අවබෝධය ලැබූ කෙනා යම් යම් දෑට ගලපමින් එය විග්‍රහ කරන විට අසන්නාද ඒ ඔස්සේ සිතා ගලපා ඒ දෑ තුලින් යථාර්ථය මෙය යැයි අනුමාන කරමින් ලබන ඥානයක් මිස යථාවබෝධය නොවේ. ඉන්පසුව එවැනි ආකාරයෙන් ලැබූ දැනුම යථාවබෝධය ලෙසින් රැවටෙනවා. ඉන්පසුව ඒ අය නැවත යථාවබෝධය ලැබූ අය මෙන් අන් අයට විග්‍රහ කරනවා. එවිට අර දැනුමෙන් රැස් කරගත් දේ ඉදිරිපත්වන ස්වභාවය ඉස්මතු වෙනවා.
එහෙත් එවිට දෙසන්නෙක් බවට පත්ව ඇති නිසා එතැන සිදුවූ වරද වරද ලෙසින් දැකගන්නටද නොහැකි ආකාරයෙන්ම ඒ දැනුම අවබෝධයක් ලෙසින් වරදවා වටහාගෙන නිගමනයට පත්ව අවසන්. ඒ දේ අසන්නෝ මේ දැනුම අවබෝධ කරගත් කාරණයක් ලෙසින් අසා නැවතත් යමක් පෙර ආකාරයෙන්ම ගලපා අවබෝධ කරගන්නවා. මේ ආකාරයෙන් තමයි සිදුවන්නේ. මෙන්න මේ අනතුර හඳුනාගන්නට දක්ෂ විය යුතුයි.
කෙටියෙන් කියනවා නම් යථාවබෝධයට පත්වූවෙක් තුලින් බොහෝ විට දුක්ඛ ආර්ය සත්‍යයට හෙවත් ඵලයට අදාල කාරණා බොහෝ විට ප්‍රක්ෂේපනය විය හැකියි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයය හෙවත් හේතුව පිළිබඳව විග්‍රහ කිරීමේදීද යොදාගන්නට සිදුවන්නේ මේ කියන්නාවූ ඵලයට අදාල කාරණා තුලින් තෝරාගත් යම් යම් අවස්ථාවන් උපමාවන් වශයෙන් ඉදිරිපත් කරමිනුයි.
එවිට අසන්නාට නිවැරදිව ශ්‍රවණය නොකරන විට ඒ පුද්ගලයා ඉන්ද්‍රිය ගෝචර මට්ටමක්ම එයින් තෝරාගෙන එය තමයි අවබෝධය ලෙසින් වරදවා වටහාගන්නවා. ඉන්ද්‍රිය ගෝචර කියන විට මන ඉන්ද්‍රියයද ඇතුලත්. යථාවබෝධය කියන්නේ ප්‍රඥා ගෝචර කාරණයක් මිස මන ඉන්ද්‍රිය හෝ වෙනත් ඉන්ද්‍රියයන්ට ගෝචර කාරණයක් නෙවේ. ඒ නිසාම තමයි යමක් ඔස්සේ හිතලා හිතලා යථාර්ථය කියන දේ අවබෝධ කරගන්නට නොහැකි. ඒත එය බොහෝ දෙනෙක් හඳුනාගන්නට දක්ෂ නෑ.
ඉතින් මෙන්න මේ වගේ අකරතැබ්බයක් තමයි බහුලවම වෙන්නේ. අනතුර හඳුනා නොගත්නිසාම අවසානයේ යථාර්ථය යනු අවබෝධ කරගන්නට බොහෝම පහසු අපහසු වුවත් ටිකක් වෙහෙස වුවොත් කරගන්නට හැකි කාරණයක් සේ තමයි මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ.
ඉතින් මේ කියූ කාරණාවන්ද ප්‍රක්ෂේපනයක්ම මිස කියන්නට අවශ්‍ය කරන කාරණය නිවැරදිව ප්‍රකාශ වන අවස්ථාවක් නොවේ යන්න දන්නේද වැටහෙන්නේද මේ කාරණය ප්‍රකාශ කරන්නාටම තමයි.
1 comment:
🙏🙏🙏
Post a Comment