නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, May 5, 2020

සැබැවින්ම වාසනාවන්තයි!!!


සැබැවින්ම වාසනාවන්තයි!!! 

පුංචි කාලේ ඉඳලම සම්මා සම්බුදු හිමියන් හොඳම යාලුවා වෙන්න... උත්තරීතර සංඝරත්නයේ කළණ මිතුරු ඇසුර ලබන්න... ආදරය රැකවරණය ලබාදෙන කරුණාවන්ත හදවත් ඇති මිනිසුන් වටකොට ගෙන සිටින්න... කොතරම් වාසනාවක්ද... කොතරම් වාසනාවක්ද... සැබැවින්ම වාසනාවන්තයි!!! 

සැබැවින්ම වාසනාවන්තයි!!! 
පවුලේ උදවිය... ඥාතීන්... ගුරුභවතුන්... යාළු හිතමිත්‍රාදීන්.... මගේ ජීවිතයට එක් වරක් හෝ සිතින් කයින් වචනයෙන් සම්බන්ධ වූ සියලුම පිරිස... පුංචි දරුවන්ගේ පටන්ගෙන වැඩිමහලු උදවිය දක්වා... පෙනෙන නොපෙනෙන සියලුම පිරිස... සෑම ආකාරයකින්ම ලබා දුන් සහාය දැනෙන විට දැනෙන්නේ හැඟෙන්නේ කොතරම් වාසනාවක්ද... කොතරම් වාසනාවක්ද... සැබැවින්ම වාසනාවන්තයි!!! 

සැබැවින්ම වාසනාවන්තයි!!! 
උතුම් තෙරුවනේ ආශිර්වාදය... උතුම් වූ සියලුම දේව බ්‍රහ්ම ආශිර්වාදයන්... මේ සියල්ලක්ම ලැබෙන බව දැනෙන හැඟෙන සෑම මොහොතකම දැනෙන්නේ කොතරම් වාසනාවක්ද... කොතරම් වාසනාවක්ද... සැබැවින්ම වාසනාවන්තයි!!! 

ආපසු හැරී බලන්නට බැලූ බැල්මට අවුරුදු 37ක සසර චාරිකාවක් වුවත්... යථාර්තය නම් සෑම මොහොතක්ම සසර චාරිකාවක්ම වීමයි... 

මට ලැබී ඇති ජීවිතයට කෘතඥ වෙමි! 
මට මේ මනුස්ස ඇඳුම ඇඳගන්නට කාමරය දුන්න... අවස්ථාව දුන්න මගේ දෙමව්පියන්ට මම කෘතඥ වෙමි! 
මේ ජීවිතයේත් මේ මුළු චාරිකාවේත් අනන්ත සසර පුරාවට ජීවිත පරිත්‍යාගයෙන් හෝ වේවා ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා වචන මාත්‍රයකින් හෝ වේවා සිතිවිලි මාත්‍රයකින් හෝ වේවා මා හා රැඳුන බැඳුන මොහොතකට හෝ සම්බන්ධකම් පෑ... සියල්ලෝ හට මම කෘතඥ වෙමි! 
මට විරුද්ධ වූවන්... අකමැති වූවන්... මට වෛර බැන්ඳාවූ මා සමඟ නන් අයුරින් ගැටුමට ලක්වුණා වූ සියලුම අහිතකම් පෑවන් හටද මම කෘතඥ වෙමි... ඔබ සැම නිසාවෙන් සසර පුරාවටත් මේ ජීවිතයේදීත් ශක්තිමත් වන්නට ධෛර්යමත් වෙන්නට ඒ හැමදේකටමත් වඩා සියලු සතට සමසේ මෙත් සිතින් යුතුව කටයුතු කරන්නට මහා හැකියාවක් ලැබුවෙමි... ඒ කරුණින්ද මම කෘතඥ වෙමි!!! 
අප ප්‍රඥාවන්තව නුවණැතිව ලැබෙන දේ ඒ ලැබෙන ආකාරයෙන්ම භාරගන්නට දක්ෂ නම්... ඒ ලැබෙන දෙයකින් සතුටට පත්වෙන්නට දක්ෂ නම් ඒ ලැබෙන දේ යහපත්ද අයහපත්ද යැයි සැබැවින්ම වැදගත් නැති බව පෙන්වා දුන්න මේ සසර චාරිකාවේ මේ නවාතැන් පොලටද කෘතඥවෙමි!!! 

සැබැවින්ම වාසනාවන්තයි!!! 
සැමදේකටම... සැමදෙනාටම... ස්තූති!!! 
මගේ දිවියේ කොටස්කරුවන් වීම ගැන තුති!!! ඔබගේ දිවියට එකතු කරගන්නට සුදුසු යැයි සිතීමට තුති!!!

No comments: